(මලිෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිය යන විට ඔහු වෙනත් අසනීපයකින් නොසිටි බව තහවුරු වී ඇතැයිද ජාසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව පහකි.
වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 24 දෙනකු පිටව ගොස් ඇත. ඊයේ දිනය අවසානය වන විට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159 කි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ශ්රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
rana Saturday, 04 April 2020 03:27 AM
අවුලක් නැහැනේ ? අපි සිංදු කියා කියා ඉමුනේ? මෙහි ඇති බරපතල කම සැහැල්ලුවට ලක් කරන්න එපා !
හරේන් Saturday, 04 April 2020 04:06 AM
කෝ අර සයිටම් ඩොක්ටර්...? මිනිස්සු මැරෙන්නෙ සයිටම් එක වහපු නිසාය කියාගෙන නං එන්න එපා හොඳේ...? අපිට දැං ඕක අහල එපා වෙලා තියෙන්නේ
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Saturday, 04 April 2020 08:50 AM
සයිටම් එක වහල අපි වගේ අංකුර වෛද්‍යවරුන්ට යන එන මං නැති කරපු එක ඓතිහාසික වරදක්. මේ වගෙ රටකට ඔහොම කෙලවෙන එක එක අතකින් සාධාරණයි.
Amula Saturday, 04 April 2020 05:50 AM
දැන්වත් රෝගය බරපතල් බව තේරුම් ගන්න.
C senevirathne Saturday, 04 April 2020 07:20 AM
අශ්වයා පැනගිය පසුව ඉස්තාලය වසා දැන් අපි නටමු ගයමු ගීත ගයාලා....
බද්රානි Saturday, 04 April 2020 08:53 AM
ඉතාලියේ හෝ වෙනත් රටවල කොරෝනා රෝගයෙන් මිය යන්නේ අවුරුදු 75 පසු වුණු ශරීරයේ ප්‍රතිශක්තිය අඩු, වයසක රෝගීන් බවයි අප නම් අසා ඇත්තේ. එසේ නැත්නම් යම් තරුණයෙකු මිය ගියේනම්, ඔවුන්ට දැනටමත් කිසියම් රෝගී තත්වයකින් පෙලෙන අයයි. වෙනත් කිසිදු අසනීපයක් නොමැති අවුරුදු 44 රෝගියෙකු මිය ගියේ නම් එය ඛේදවාචකයක්. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ලොකු හපන්කමක්. ඉතාලියට වඩා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හරි දියුණුයි කියල හිතාගේනනේ, සමහරු හදිස්සියේම ලංකාවට පැනගත්තේ?
පිටරට වැසියෙක් Saturday, 04 April 2020 04:43 PM
බද්රානි , ලින් මැඩි චින්තනයෙන් මිදෙන්න.. මා ඉන්න රටේ (බ්‍රිතාන්‍ය ) අව්රුදු 16 ,13, වැනි වයස් කාණ්ඩවල අය සහ වයස 50 ට අඩු අයත් ,මේ වසංගතයෙන් මිය ගොස් තිබෙනවා. එයාලාට ශරීරයේ ප්‍රතිශක්තිය අඩු අය බව කියවුනේ නැහැ. ලෙඩේ හැදෙන්න පෙර හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටි අය. ඔබට මේ රටේ යහළු මිත්‍රයෝ ඉන්නවානම් ,මම කියන දෙය ඇත්තක්ද බොරුවක්ද කියා දැනගත හැකියි.
Swarna Saturday, 04 April 2020 11:12 AM
මෙම මියගිය පුද්ගලයා ඉතාලියේ සිට පැමිනි කෙනෙක් බව දැනගන්නට ලැබුනා. පලමුව ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. මම හිතන විදිහට ඔහු මෙම රෝගයෙන් මිදීම සඳහා ලංකාවට ගිය කෙනෙක්... සමහර විට නීරෝධානයට ගිය අතරතුර මෙම රෝගය වැළඳුනාද දන්නෙත් නැහැ. නමුත් ඔහු ඉතාලියේම සිටියා නම් මෙම රෝගයට ගොදුරු නොවී ඉන්නත් තිබුනා. දැනට ඉතාලියේ මෙම රෝගයෙන් කිසිම ලාංකිකයෙක් මිය ගිහින් නැහැ.
රවිඳු Saturday, 04 April 2020 11:29 AM
පව් අහිංසකයා නිරෝධායන ආයතනයේ හිටිය කියල වැඩක් වෙලා නැහැ.