IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් හෙට කොළඹට

( අජන්ත කුමාර අගලකඩ ) 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු ලැබ ඇත.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන  විශේෂ රැස්වීමක්  සඳහා  ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවා  ඇතැයි වාර්තා වෙයි.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර  ඇතිකර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය , ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා  ඇතැයිද වාර්තා වෙයි.



අදහස් (15)

ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් හෙට කොළඹට

nimal Thursday, 03 October 2019 08:55 AM

පක්ෂය බාල්දු කරපු පව ගෙවන්න බැහැ. බොරුවට තැන නැහැ. අපි ඉන්නේ මහින්ද මහත්තයා ළඟ. මේවා දැකලා හරි කණගාටු හිතෙනවා.

:       666       639

sandy123 Thursday, 03 October 2019 09:03 AM

සෙනඟ වැඩි නිසා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණය වෙන් කරන්නද?

:       147       80

FernandoThursday, 03 October 2019 10:45 AM

ගෝඨාද සජිත්ද තෝරාගන්න බැරිව ශ්‍රීලනිපයට වෙන්නේ අර චීස් කෑල්ලද, කරෝල කෑල්ලද තෝරාගන්නේ කියලා පිහි තලේ උඩින් දෙපැත්ත බල බල හිටපු මීයට වගේ දන්නෙම නැතුව බෙල්ල කපාගන්න

:       143       340

max Thursday, 03 October 2019 09:28 AM

මොනවා සාකච්ඡා කරන්නද ඔච්චර? පොදුහතුරා වන එජාපෙ පරාජය කරන්න.. දෙමල මුස්ලිම් අන්තවාදය පරාජය කරලා රට දිනවන්න පොහොට්ටුව එක්ක එකතු වෙන්න. පහුගිය අවුරුදු 4 තුළ වල පල්ලට ගිය රට ඩිංගක් හරි උඩට ගන්න එකතු වෙන්න උත්සාහ කරන්න.

:       445       453

VajiraThursday, 03 October 2019 10:47 AM

අවුරුදු හතරක් නෙවෙයි අවුරුදු හැත්තෑවක් තුලම වල පල්ලට ගිය රටක් මේක. මේ රට උඩට ගන්නනම් ජවිපෙ ආණ්ඩුවක් එන්නම ඕන

:       439       411

kamalThursday, 03 October 2019 10:58 AM

ජවිපෙ 71, 89 කරපුවා අමතක වෙන්න අපි මැරිලා ඉපදිලාද?

:       327       417

Hafeel Thursday, 03 October 2019 11:26 AM

කමල්, 71, 89 ජවිපෙ එකට නායකත්වය දුන්නේ වත්මන් නායකයෝ නොවේ. අනික මේ ප්‍රධාන පක්ෂ තුනම රාජ්‍ය බලයෙන් කරපු, කරගෙන යන හානිය තක්සේරු කරන්න බැහැ.

:       59       154

NissaankaThursday, 03 October 2019 12:32 PM

කමල් 71 දී ජවිපෙ 20,000ක් දිවි පිදුවා. 88, 89 ලක්ෂයකට අධික පිරිසක් දිවි දුන්නා. ඒ මරණවලට වග කියන්න ඕනෑ එදා හිටපු පාලකයන්. එදා ඒ අරගල සාර්ථක වුණානම් අපිට මේ වගේ අවාසනාවන්ත බංකොලොත් රටක් උරුම වෙන්නේ නැහැ.

:       7       113

ananda Thursday, 03 October 2019 10:52 AM

බලය පෙන්නන්නද

:       27       0

kamal Thursday, 03 October 2019 10:53 AM

ජනාධිපති මන්දිරය මහජන මුදලින් නඩත්තු කරන්නේ ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නයි.

:       59       8

Prabha Thursday, 03 October 2019 11:13 AM

ඔඩ්චර බලයක් තියෙනවා නම් ඒ අය ඇවිත් දණ ගහනකම් බලන් ඉන්න එකනේ තියෙන්නේ...

:       49       101

Lebbe Thursday, 03 October 2019 11:40 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් තියනවද? ඉන්න ලොක්කෝ තුන්දෙනාව ත්‍රිවීල් එකක යවන්න පුළුවන්. බණ්ඩාරනායක වලෙන් නැගිට්ටොත් අාපහු එ්කටම රිංගනවා. පක්ෂයට අැනිබල් සමග හිටන් කරපු දේ දැකලා...

:       158       18

saali Thursday, 03 October 2019 12:10 PM

ලොකු උපදේශකත් නැති වෙන්නම ලණු දීලා අන්තිමේදී පැන්නා. කවුරු ඉතුරු වේවිද මන්දා ඔය පක්ෂයේ?

:       69       121

thilakasiri Friday, 04 October 2019 05:43 AM

පසුගිය අවරුදු 71 දි රට කාබාසිනියා කිරීමට යත්නදැරූ අදෘශ්‍යමන් ජාත්‍යන්තර හස්තයන්ගේ රුකඩ මැඩගනිමින් විශාල ප්‍රගතියක්ද ලබා ඇතිබවයි මගේ හැගීම.1960 පටන් ජේවීපී නායකයෝ දේශපාලනය තියා සාමාන්‍ය ජීවිතය පිලිබඳවවත් අත්දැකීම් නැති පාසල් හා විශ්වවිද්‍යාලවල සිසුන් හා අනෙකුත් තරුණයින් ආයුධ සන්නද්ධ කර මොන විනාශය කර හෝ රාජ්‍ය බලය ලබාගන ගොවි කම්කරු ආඥාදායකත්වය රජකරවා සැමදෙන අතර සමසේ රටේ සම්පත් බෙදා විරුද්ධ වන්නවුන් මරා තුවකුවෙන් රටවැසියා බයගන්වා රටපාලනය කරන්නට ගිය හැටිත් මරපු හැටිත් 1988 - ජනපති වරණයේදී ඡන්දය දෙන මුල් පස්දෙනාගේ අත් කපන බවට තුවක්කු සලකුණ සහිත දැන්වීම ඇලවූ හැටිත් ඒ වාසිය ලබා බට්ටෝ පත්තුකර ආර්. ප්‍රේමදාස ජනපතිවරණය දිණු හැටිත් පිලිප්, ඇන්.ඇම්. කොල්වින්, රනිල්ගේ පියා යනාදීන් 1935 සිට පංති පවත්වමින් වගාකළ ට්‍රොස්කිවාදී විඥාණය මොටෙයියෝ දමා එත්දී දුවන කෝච්චියට හරක් දක්වනවා සේ 1971 දී සිරිමා රජයට හා ඉන්පසු බලයට පැමිණි ජේආර් රජයට ගහන්න ගිහින් රටත් කාබාසිනියා කර රජයේ හමුදාවන් ලවා බුරුතු පිටින් තරුණයින් හා නායකයින් ඝාතනය කරවා අද ඇන් ඇම් ල ගිය මාවතට නැඹුරුවී ඇති හැටිත් දන්නෝ දනිති. තරුණ කම එයයි

:       0       0

thilakasiri Friday, 04 October 2019 07:41 AM

බහුතරය පීඩිතයින් බවට පත්කරලා බල තරගයේ යෙදුනු රදළයන් අභිබවා ප්‍රජාතන්ත්‍රවාදය නම් මල් මාලාව ඒ පීඩිතයින්ට පළඳවා රැවටු ධනේශ්වරයින් නිසා ඒ දෙගොල්ලන්ගෙන්ම පිඩිත වුවන්ගේ සුභ සිද්ධිය උදෙසා ඒ රදළ-ධනපතියන්ට එරෙහිව ඔවුන් සමග සිටිමින් නොනැවති විප්ලව කළ යුතුය යන ට්‍රොස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ට්‍රොස්කි හා ඔහුගේ රතු හමුදාත් මරා මිනීමරු සමාජවාදය බිහිකළ ලෙනින් න්‍යාය අනුව මොන විනාශය කර හෝ ගොවි කම්කරු ආඥාදායකත්වය බිහිකිරීම ක්‍රියාවට නැගීම නිසා සමාජවාදය මුළු ලෝකයෙන්ම ප්‍රතික්ෂේප වී ඇත. ට්‍රොස්කි පවා පවසා ඇති නොනවතින විප්ලව න්‍යාය කාල් මාක්ස්ගේ න්‍යාය බවත් ලෙනින්ගේ අතිධාවන න්‍යායට නැඹුරු වූ විජේවීර ඇතුළු අනුගාමිකයින් සමුල ඝාතනය වුයේ ඇන්.ඇම් ලා කළ ආකාරයට පාර්ලිමේන්තුව වේදිකාවක් කරගෙන නොනවතින විප්ලවන්යයෙහි නිරත නොවී පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයද මොට කරමින් රජයන්ට විරුද්ධව දුවන කෝච්චියට හරක් දැක්කුවා සේ ආයුධ සන්නද්ධ අරගලයකට කොල්ලෝ කුරුට්ටෝ මෙහෙයවමින් හමුදා පොලීසි සමග ගැටීම නිසාය. එසේ කළේ සිදුවන දෙය එයම බව දැන දැනම නොවේද? එසේ කර මියගිය අය විරුවන් කර ඒ වරද රජයන් පිට පැවරීම බුද්ධිමතුන් අනුමත නොකරති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 372 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site