ශ්‍රී පාදස්ථානයේ නව සෙල්මුවා දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුලුන තැන්පත් කිරීම අද උදෑසන නැකතින් සිදු විය.
පැල්මඩුල්ලේ රූප අරුණ පරිවේණාධීපති තල්ගස්කන්දේ වජිර ශ්‍රී පාද භාරකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූලව එම කටයුතු සිදු විය.
එම භාණ්ඩ නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුවට රැගෙන එම් අයි 17 හෙලිකොප්ටරය අද උදේ වන විට ගමන් වාර එකොළහක් පියාසර කැර ඇත.
මීදුම හා දැඩි සුළඟ නිසා ඉතිරි ගමන්වාර පහේ මෙහෙයුම කල් ගියේය.
දොළොස්මහේ පැරැණි පහන තිබු ස්ථානයේදීද ඝණ්ඨාර කුලුන ඒ අසලින්ද පිහිටියේය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල කුලපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ කටයුතු සිදු විණි.
\.gif)
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීපාද මෙහෙයුමට සුළඟයි මීදුමයි හරස් වේ
ගමගේ Monday, 06 January 2014 08:53 AM
සමනොල සිරසට අධික බරක් පැටවීම කදු මුදුන අස්ථාවර වෙන්න පුළුවන්. (නදී)
සඳරුවන්-ගාල්ල Sunday, 05 January 2014 06:21 PM
ලොකු පිනක් කරගන්නේ. (ත)
ඉසංක නන්දසිරි Sunday, 05 January 2014 08:33 PM
අනේ අපේ හාමුදුරුවනේ මේ වැඩෙන් පස්සෙ ඔය හෙලිකොප්ටර් ගේන එක නතර කරන්න.මොකද මෙච්චර කාලයක් ලස්සනට තිබ්බ තැනක්,කොන්ක්‍රීට් පුරවලා විනාශ කරන්න එපා.භක්තියක් තියන මිනිස්සුන්ට ඕව නැතත් කමක් නෑ. (දී)
සත්‍යයා Monday, 06 January 2014 10:51 AM
බුදුන් වහන්සේ තරම් ස්වභාව ධර්මයට ගෞරව කළ පුද්ගලයෙක් මේ මිහිපිට තවම ඉපදුනේ නැහැ. නමුත් මේ කටිටිය එකතුවෙලා අනාගත සංචාරක ව්‍යාපාරයකට සුභ මුහුර්තයෙන් අත ගසා තිබෙනවා. (නදී)
පෙරේරා Sunday, 05 January 2014 09:33 PM
කුසට අහරක් නොමෙති පීඩිත ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරකි.(ත)
විකී Monday, 06 January 2014 11:52 AM
ඇත්ත. ශ්‍රි පාදයට හෙලිකොප්ටර් ගේන්න එපා. ඒක පූජනීය බවට හානියක්. (නදී)
මංගල Sunday, 05 January 2014 10:43 PM
සාධු සාධු සාධු (දී)
ක්‍රිෂාන්ත Sunday, 05 January 2014 02:21 PM
මේ කටයුත්ත සාර්ථකව සිද්ධ කර ගන්න සුමන සමන් දෙවියන්ගේ කරුණාව ආරක්ෂාව අපේ ගුවන් විරුවන්ට ලැබේවා. (ත)
ජගත් සෞදි Sunday, 05 January 2014 02:35 PM
මේ උතුම් කාර්යයට දායක වූ සියලු දෙනා ලොකු පිනක් කර ගත්තේ. (ත)
සෝමපාල Monday, 06 January 2014 06:30 AM
දැක්ක නේ. සොබා දහමෙන්ම කියනවා ඕක බොරු වැඩක් කියලා.(නදී)
රංජන් Monday, 06 January 2014 06:40 AM
මොනවා උනත් ශ්‍රී පායේ වැඩ සිටින අපේ හාමුදුරුවෝ කරන්න හදන වැඩේ උතුම් වැඩක්! (නදී)
අසාද් Monday, 06 January 2014 08:04 AM
සෝමපාල ඔයා හරියටම හරි. සොබා දහමෙන්ම කියනවා මෙතන බර පටවලා විනාශ කරන්න එපා කියල මෝඩයින්ට මේව තේරෙන්නෙ නෑ.(නදී)