ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපට ත්‍රිත්වයම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයා ගන්නට සමත් වුණා. බොලිවුඩයේ නවක නිළියක් දායක වූ බොලිවුඩ් චිත්‍රපට තුනක් අඛණ්ඩවම මෙවැනි ආදායමක් උපයාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වුණා.
ශ්‍රද්ධා අවසන් වරට රංගනයෙන් දායක වූ 2014 වසරේ තිරගත වූ මොහිත් සූරිගේ "ඒක් විලන්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 153ක්ද, 2015 වසරේ තිරගත වූ රේමෝ ඩී සූසා "එනි බෝඩි කැන් ඩාන්ස්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 105.75ක්ද, මේ වසරේ තිරගත වූ ශබීර් ඛාන්ගේ "බාගි" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 127ක්ද උපයා ගැනීමට සමත් වුණා.
ශ්‍රද්ධා රංගනයෙන් දායක තවත් එක් චිත්‍රපටයක් මේ වසරේ තිරගත වීමට නියමිත අතර, ඒ ෆර්හාන් අක්තාර්ගේ "රොක් ඔන්" දෙවැනි චිත්‍රපටයයි. සිනමා විචාරකයන් පවසන්නේ එම චිත්‍රපටයද ආදායම් අති සාර්ථක එකක් වනු ඇති බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රද්ධා කපූර්ග් හැට්ට්‍රික් එක