IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වං හුං කිසිත් දන්නැති නංගියෙක් ගැන ගයන ඉන්දික

ඉන්දික ලියනගේ කියන්නේ අපේ රටේ ශ්රීලාංකේය කටහඬක් ඇති ප්‍රතිභා පුර්ණ තරුණ ගායකයෙක්.මේ තුංමං හන්දිවල අතරමං වෙන නංගියෙක් ගැන වංහුංහොයන ඉන්දිකගේ මේ ගීය ලියා තිබෙන්නෙ නයනාසේන වන්නිනායකයන් විසිනුයි. සංගීතය නාලක අංජන කුමාරයන්ගේ. මේ ගීතයට අපූරුම 2016-04-23-ent-118රූප රචනයක් කළේ හෂාන්ජයවර්ධනයි.මේ ගීතය රචනා කරද්දී ජයන්ත සුබසිංහගෙන් ලද සහාය නොකියම බෑ කියලයි ගී පද රචක නයනසේන වන්නිනායකයන් අපට කිව්වේ

 

"තුංමං හංදියේ කළුවරේ
මංමුලාවුනි දෝ නංගියේ 
නයි පොලොන්  විසකුරු සපුන් අතරේ
පල නෙලන්නට ගිය සෙයිලමේ
වං හුං කිසිත් නෑ නංගියේ


මිරිවැඩි නොලා පොඩි සංදියේ
අපි ඇවිද්දත් බඩවැටි දිගේ
පහන්කණු වත් පාර නොකියන කළුවරේ
ඇනුනාද විසකටු දෙපතුලේ
මග වැරදුනාවද නංගියේ


ජීවිතෙත් යල් හුළඟක් වගේ 
විරසකයි තාමත් ආකහේ 
වලාකුලකින් පාර අහගෙන ගම්කරේ 
එනවාද නිළි වැස්සක් වගේ
මග බලා ඉන්නම් නංගියේ"


පද රචනය : නයනසේන වන්නිනායක
සංගීතය : නාලක අංජන කුමාර
ගායනය : ඉන්දික ලියනගේ

 

ඉඳුනිල් සින්දු

 

 



අදහස් (0)

වං හුං කිසිත් දන්නැති නංගියෙක් ගැන ගයන ඉන්දික

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site