IMG-LOGO

වී කිලෝ හාරදාහක් අබලි කිරීම ගැන ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනය පියවර

(අංජුල මහික වීරරත්න)

අරලගංවිල වී ගබඩාවේ වී කිලෝ ග්‍රෑම් 4000ක් අබලි වී විනාශ වීම සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමෙි චෝදනාව සම්බන්ධයෙන් අම්පාර හා පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනයානුකූල පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් දින හයක් ඇතුළත වහාම වාර්තාවක් ලබා දෙන ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා අම්පාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට උපදෙස් දුන්නේය.

විමර්ශන කටයුතු අවසන් වන තෙක් මෙම නිලධාරීන් අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පැවසීය.

ගබඩාවේ අබිලි බවට පත්ව තිබෙන වී තොගය අම්පාරට අයත් වී තොගයක් බවත්, 2020 දී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා වල තිබෙන සියලු පැරණි වී තොග සත්ව ආහාර සඳහා හෝ අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලය සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී තිබිණි.

එවැනි තත්ත්වයක් යටතේ අරලගංවිල ගබඩාවක 2015 වසරේ දී මිල දී ගන්නා ලද කිලෝග්‍රෑම් 4000ක පමණ වී තොගයක් නිසි පියවර නොගෙන රඳවාගෙන පවතින්නේ නම් ඊට අදාල ප්‍රාදේශීය කළමනාකරුවන් ඊට වග කිව යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම දිවයින පුරා ඇති සියලුම වී ගබඩා පරීක්ෂා කර එම ගබඩාවල තවමත් පැරණි වී තොග ඇත්දැයි සොයා බලා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

 



අදහස් (2)

වී කිලෝ හාරදාහක් අබලි කිරීම ගැන ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනය පියවර

පුරවැසියෙක්.... Tuesday, 06 September 2022 01:28 PM

බොහෝ විට දූෂණ වංචා සම්බන්ධයෙන් දේශපාලකයින්ටම චෝදනා කළද බොහෝ රාජ්‍ය නිලධාරීන් ඊටත් වඩා දූෂණ සහ අක්‍රමිකතාවන්ට සම්බන්ධ බැවින් විධිමත් සහ සාධාරණව පරීක්ෂණ සිදු කොට මෙම දෙපාර්ශවයටම එක සමානව දැඩි දඩුවම් ලබා දීම කළ යුතුය.

:       0       18

Bamunuarachchi Wednesday, 07 September 2022 07:38 AM

මොකක්ද ඔය ගන්න විනය පියවර? ඇමතීම කියයි අනික් ගබඩාවට මාරු කරන්න කියලා. වෙන ගන්න විනය පියවරක් තිබෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 486 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 650 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 267 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site