සහතික මිළට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුවී ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි කරන ලෙසට නියෝග කරමින් වී අලෙවි මණ්ඩලයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වී ගොවියන් පිරිසක් විසින් ගොනු කැරුණු රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අද (26) එම පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කළේය.
පෙත්සම පවත්වාගෙන යාමේ නීතිමය පදනමක් නොමැති බවත්, සහතික මිලට වී මිළඳී ගැනීම වී අලෙවි මණ්ඩලයටම පමණක් පැවරුවහොත් වී තොග මිලදී ගැනීමට ඇති අවස්ථාවන් අඩුවන බවත් පෙන්වා දෙමින් මෙම පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමටද අභියාචානාධිකරණය තීන්දු කළේය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවිණි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වී අලෙවි මණ්ඩලයට එරෙහි පෙත්සම විසිවේ