
( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
පසුගිය දින දෙකක් පුරා ඇද හැළුණ මහ වැසි හේතුවෙන් මෙලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 ජනතාව වැව් වාන් දැමිම හා මහ වැසි හේතුවෙන් ගලා ආ ජල කද හේතුවෙන් දැඩි පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි.
මේ හේතුවෙන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ ග්‍රාම නිළධාරී වසම් 12 ක පවුල් 4016 ක පුද්ගලයින් 13351 කි.
ඒ සමගම මුන්දලමේ ග්‍රාම නිළධාරි වසම් 24 ක පවුල් 1501 ක 5841 ක්,කල්පිටිය ග්‍රාම නිළධාරී වසම් ග්‍රාම නිළධාරි වසම් 5ක පවුල් 395 පුද්ලයින් 1335 ක් ද,මාදම්පේ ග්‍රාම නිළධාරී වසම් 15 ක පවුල් 253 ක පුද්ගලයින් 748 දෙනෙකුද,හලාවත ග්‍රාම නිළධාරි වසම් ග්‍රාම නිළධාරි වසම් 6 ක පවුල් 221ක පුද්ගලයින් 868 ක් ලෙස, ජනතාව මෙලෙස පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මෙසේ පිඩාවට පත්වු පිරිස් වෙත සහන සැලසිම සදහා අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල ආපදා සහන සේවා නිළධාරීන් මගින් පිඩාවට පත්වු ජනතාව වෙත සහන සැලසිමට කටයුතු කරමින් ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා සහන සේවා ප්‍රධාන නිළධාරී බි.වි.චමින්ද කුමාර මහතා පවසයි.

2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් පුත්තලමේ පවුල් 6,832ක් පීඩාවට