IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විස්සට තවත් සංශෝධන තුනක්

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා තවත් සංශෝධන 3ක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

19 වැනි සංශෝධනයේ සඳහන් ඇමැති මණ්ඩල සීමාව ඒ අයුරින්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් කිරීමටත්, ජාතික විගණන පනත ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට සහ හදිසි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 14කින් පසුව ඉදිරිපත් කිරීමටත් යන සංශෝධන ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එසේ වුවද ජාතික ආරක්ෂාවට හා ආපදා කලමනාකරණයට අදාළ පනත් කෙටුම්පත් දින 7කින් පසුව ගෙනඒමට හැකිවන සේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම සංශෝධන 3 ගෙනඒමට අනුමැතිය ලැබී ඇත.  20 වැනි සංශෝධනයට ගෙනඑන සංශෝධන පිළිබඳව අධිකරණ අමාත්‍ය අල් සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී හෙට (20) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ අතර 20 වැනි සංශෝධනයට ගෙන එන සංශෝධන පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ද දැනුවත් කිරීමට රජය තීරණය කර ඇත.



අදහස් (9)

විස්සට තවත් සංශෝධන තුනක්

මෝ Monday, 19 October 2020 08:08 PM

අනවශ්‍ය සංශෝධන ගෙනැවිත් ජනතා විශ්වාසය බිඳගත්තා. අවංක සහ නිස්සරණධ්‍යාෂයෙන් වැඩ කරන නායකයින් කවදා ලබම්ද?

:       0       2

jagath G Monday, 19 October 2020 10:04 PM

එතකොට කොමිෂන් සභා අහෝසිකර ඒ බලය ජනාධිපති සතුකර ගැනීමේ සංශෝධනය හා අධිකරණය වෙත ජනාධිපතිවරයා කැඳවීමේ බලය ඉවත් කරන සංශෝධනයත් ඉවත් කරනවද?

:       0       0

kamal Monday, 19 October 2020 10:06 PM

අධිකරණයේ බලය ස්වාධීන කිරීම ගැන මොකෝ නෝකතා...?

:       0       0

thilak Monday, 19 October 2020 10:32 PM

අධිකරණයේ විනිශ්චයකරුවන් පත්කිරීමේ බලය හා කොමිසන් සභාවල බලය නැවත කොමිෂන් සභාවලට ලැබීම ගැන නෝ කතා... බුදු සරණයි.

:       0       2

kaalinga Monday, 19 October 2020 10:34 PM

17 වැනි සංශෝධනය ශක්තිමත් කළ යුතුයි. ඒ ගැන මුකුත් නොකියන්නේ මන්ද?

:       0       1

rohitha gammanpila Monday, 19 October 2020 11:39 PM

2/3 තියෙන එකේ අඩුව... ඉල්ල ඉල්ල ඉන්නේ නැතිව නව ව්‍යයස්ථාව ගේන්න. මේකනේ මේ රටේ මහා සංඝයා වහන්සේ කියන්නේ. සිංහල බෞද්ධයෝ 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ. තව අවුරුදු 3ක් වගේ තියෙන්නේ. ඉක්මන් කරන්න.

:       1       1

මුණසිංහ Tuesday, 20 October 2020 02:07 AM

ගෙන ආ මෙම සංශෝධන ඉතා හොඳයි. ද්විත්ව පුරවැසි කිසිවකුට රජයේ රැකියාවක් හෝ නොදෙනවා නම් තවත් හොඳයි..!

:       1       7

kamal Tuesday, 20 October 2020 03:41 AM

එතකොට 20, 23 වෙනවද? නැතිනම් 20.3 වෙනවද?

:       1       3

අනා Tuesday, 20 October 2020 04:13 AM

මුක්තිය... ගෝඨා ඉන්නකම් විතරක් නොවේ ව්‍යවස්ථාව තියෙන්නේ. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව එයා මැරිලත් ක්‍රියාත්මකයි. ඒ නිසා හිතලා, බලලා කළයුතු වැඩක්.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 498 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site