IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වසර 40 කට පසු චීනය මිසයිලයක් අත්හදා බලයි

වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය. 

අනතර් මහද්වීපික බැලැස්ටික මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට කිලෝ මීටර් දහස් ගණනක් දුරට විදිය හැකි මිසයිල වර්ගයකි. චීනය අත්හදා බැලූ මිසයිලය, න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන, කිලෝ මීටර් 5,500 කට වඩා වැඩි දුරකට විදිය හැකි එකකි.

ඒ අනුව, චීනයට මෙවැනි මිසයිලයක් යොදා ගනිමින්, ඇමෙරිකාවටත් හවායි දූපත්වලටත් පහසුවෙන් පහර දීමක් කළ හැකිය. මෙම මිසයිල අත්හදා බැලීම සාමාන්‍ය සිදුවීමක් පමණක් බවත්, කිසිම රටකට තර්ජනයක් වීමේ අරමුණින් හෝ කිසිම කෙනකු ඉලක්ක කර ගනීමේ අරමුණින් කළ අත්හදා බැලීමක් නොවන බවත් චීන රජය අවධාරණය කර ඇත.

චීනයේ මිසයිල අත්හදා බැලීම අසල්වැසි ඉන්දු පැසිෆික් කලාපීය රටවල දැඩි කනස්සල්ලට හේතුවක් විය. මිසයිල අත්හදා බැලීම සිදු කෙරුණේ ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය දෙසට විහිදෙන ජාත්‍යන්තර මුහුදේදීය. ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය චෝදනා නගා ඇත්තේ චීනය ඔවුන්ගේ එම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීම් නොකළ බවය.

මෙම නව මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි වුවත්, අත්හදා බැලීමේ දී කිසිදු යුද ශීර්ෂයක් සවි කර නොතිබුණි. මිසයිලය චීනයේ නිෂ්පාදනයක් බවත්, නව තාක්ෂණය ඊට යොදා ගෙන ඇති බවත් චීන හමුදාව පවසයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

වසර 40 කට පසු චීනය මිසයිලයක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site