හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ දෙවැනි භාගයේදී මෙරට ආර්ථිකය නැවත වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (9) පැවැසීය.
මෙම වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (9) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව වසර මුලදී මෙම වසර සඳහා 4%ත් 4.5ත් අතර ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කළ ද නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ ගෝලීය වසංගතයත් සමඟ එම අගය 1.5 % ක් ලෙස ඇස්තමේන්තු කළේය.
නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ගෝලීය මෙන්ම දේශීය ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත තත්ත්වයක් පවතින්නේ යැයි ද ආචාර්ය අමරසේකර මහතා කීය.
‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය වශංයෙන් කෙටිකාලීන වර්ධන අපේක්ෂාවලට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ද මේ දක්වා දක්නට ලැබෙන ආර්ථික දත්තවලට අනුව 2020 වසරේ දෙවන කාර්තුව තුළ දී මෙරට ආර්ථික වර්ධනය කෙරෙහිද එමඟින් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙන්නුම් කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වසරේ දෙවැනි භාගයේ දී ආර්ථිකය වර්ධනය වන බව මහබැංකුව කියයි
සේන Friday, 10 July 2020 04:55 AM
අපේ මහ බැංකුවත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ... එව්වා මෙව්වා කියකියා ඉන්නවා. කරන දෙයක් නම් පේන්න නෑ..
RohanaSunday, 12 July 2020 03:05 AM
මහ බැංකුවේ වැඩගැන ‘අ‘ යන්නවත් දන්නේ නැති කෙනෙකුට එහෙම තමයි පෙනෙන්නේ...
imesh Tuesday, 14 July 2020 05:47 AM
මහ බැංකුවට අනුවනම් අපේ ආර්ථිකය දිගටම වර්ධනය වුනා.