IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත්කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.
 
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.
 
නීතීපතිවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව විභාග කිරීම සඳහා චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  අගවිනිසුරුවරයා විසින් පත් කරන ලදී.

මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඩී. කේ. පී. දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා නඟා ඇත.

චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බවට නීතීපතිවරයා නිකුත් කළ ලිපියක් කොළඹ මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කෙරේ.



අදහස් (8)

වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි

beau Wednesday, 22 January 2020 11:22 AM

නීතිපති දෙපාර්තමේන්තුව තවමත් යහපාලුවන්ට වැඩකරන්නේ...........................

:       211       158

athuraWednesday, 22 January 2020 02:25 PM

මේ කතාවලට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.

:       0       1

siri Wednesday, 22 January 2020 11:32 AM

බලයට ඇවිත් පැය 24 න් නඩු දමා ඉන්න රණවිරුවෝ, සේරම නිදහස් කරනවා කියපු කවුරුවත් දැන් නැද්දෝ ?

:       57       110

සත්‍යපාල Wednesday, 22 January 2020 11:56 AM

කියනකොට එහෙමනේ. කරනකොට මෙහෙමනේ. ජනතාව අන්දවන එක ඒ අයගේ හැටියක්නේ........

:       0       84

raviWednesday, 22 January 2020 12:20 PM

රණවිරුවෝ කොහෙද ඉන්නේ...? ඒ අය පස් කඳු යට දෙව්මව් තුරුලේ සැතපෙනවා....!!! මේ ඉන්නේ හොරු, මිනිමරුවෝ.

:       0       350

Adikaranaya kelin Wednesday, 22 January 2020 12:06 PM

ඔහොම ඉන්න. එක තාක්ෂණික දෝෂයෙන් ඔක්කොම නිදොස් කොට නිදහස්.

:       0       130

nimal Thursday, 23 January 2020 04:34 AM

ඔය රණවිරුවන් වැරදි කළොත් නඩු දාන්නෙ නැතිව මොකද කරන්න ඕන. අනේ නොදන්න කමට අහන්නේ. මොකද ඔය යුද්දෙට ගිය හාදයෙක් හෙල්මට් නැතිව ගිහින් දඩ ගහලා. ඒක වැරදි ද දන්නේ නැහැනේ.

:       0       2

Ashen Friday, 24 January 2020 01:36 AM

2008 වුන දේට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site