
(*** නිමන්ති රණසිංහ)
විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රතිඅපනයනය කරන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයකු ඇතුළු රේගු පරීක්ෂකවරුන් තිදෙනකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (03) නියෝග කළාය.
මෙම සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවත් ඉන් ශ්‍රී ලංකා රජයට බදු ආදායම විශාල වශයෙන් අහිමි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මුනිදාස කුමාරතුංග මාවත, ගොරකපල, පානදුර පදිංචි ශ්‍රී ලංකා රේගු අධිකාරියේ ප්‍රධාන රේගු පරීක්ෂක රණවක ආරච්චිගේ ගාමිණී පෙරේරා, චාල්ස් පියනම මාවත, නාගොඩ, කඳාන පදිංචි ශ්‍රී ලංකා රේගු අධිකාරියේ රේගු පරීක්ෂක මාපලගම ආරච්චිගේ නිශාන්ත ලක්සිරි සහ 3 වන පටුමග නාගොඩ, කළුතර පදිංචි ශ්‍රී ලංකා රේගු අධිකාරියේ රේගු පරීක්ෂක කාලවිල පතිරගේ කසුන් ගයත්‍රී පතිරගේ යන අයයි.
ලියනගේමුල්ල සීදුවේ පිහිටි ග්ලෝබල් ට්‍රාන්ස්පෝටේෂන් ඇන්ඩ් ලොජෙස්ටික් පෞද්ගලික සමාගමේ තීරුබදු සහිත ගුදම්වල සිට ප්‍රතිඅපනයනය කිරීම සඳහා රැගෙන එන ලද මෙම විදේශීය මත්පැන් තොගයෙන් විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා ඇතුළු මත්පැන් බෝතල් 924ක් වෙනුවට ලීටරයේ විනිවිද පෙනෙන වතුර බෝතල් පුරවා මෙම වංචාව සිදුකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
විදේශීය මත්පැන් බෝතල් සහිත ලොරි රථය රේගුවේ සිට අදාළ සමාගම පිහිටි අංක 719/17 ලියනගේමුල්ල, සීදුව යන ස්ථානයට පිටත්ව නොගොස් පෑලියගොඩ නුගේ පාරේ පිහිටි රහසිගත ස්ථානයක් වෙත ගොස් මෙලෙස මත්පැන් බෝතල් මාරුකර ඊට වතුර බෝතල් පුරවා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.
රේගු අංගණයෙන් එම ලොරි රථය පිටත්ව යාමට පෙර ඒවා මුද්‍රා නොතබා අදාළ රහසිගත ස්ථානය වෙත ගොස් පසුව එහි බහාලුම් කඩා ජාවාරම සිදුකර නැවත මුද්‍රා තබා ඇති බවටද කරුණු අනාවරණය වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම විදේශීය මත්පැන් සහිත ලොරි රථ රේගු අංගණයෙන් පිටත්වන විට රේගු පරීක්ෂකවරයකු වෙනම වාහනයක නැගී ලොරිය පිටුපසින් ගමන් ගන්නා බවත්, පසුව අදාළ රහසිගත ස්ථානය වෙත ගොස් මෙම ජාවාරම සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම වංචාව සම්බන්ධයෙන් වූ මත්පැන් තොගය මාලදිවයින වෙත ප්‍රතිඅපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ එකක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.
ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ ලෙස ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කර තිබූ අදාළ විදේශීය මත්පැන් තොගයට ඇමරිකන් වෝටර් නම් වෙළෙඳ නාමයෙන් අසුරන ලද විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෝතල් 744ක් ද විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 114ක් ද රේගු විමර්ශන අංශය භාරයට ගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ප්‍රතිඅපනයනයට ඉදිරිපත් කර ඇති රේගු සටහන්වලට අනුව ඊට අදාළ ඉන්වොයිස් භාණ්ඩ විශ්ලේෂණය කිරීමේදී මෙම වංචාව හසුවී ඇති බවත් රේගු ආඥාපනත ප්‍රකාරව අදාළ සමාගමේ ගුදම ඉකුත් 22 වැනිදා මුද්‍රා තබා ඇති අතර මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශයේ සහකාර රේගු අධිකාරී අමරසිංහ මුදුන්කොත්ගේ අරුණ ශාන්ත අමරසිංහ මහතා ඉකුත් අගෝස්තු මස 18 වැනිදා පැමිණිල්ලක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 01 අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ආර්.ඒ.පී. රණවක, නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
2025 නොවැම්බර් මස 04
483
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විස්කි වතුර කර බෝතල් 924 ක් පිටරට යවලා
Prabha Friday, 04 September 2020 10:11 AM
රේගු නිලධාරීන්ගේ වත්කම් හෙව්වොත් බලාගන්න පුළුවන් ඉහළ සිට පහළම ඉන්න පියන් දක්වාම ඉන්නේ හොරුනේ...
sunil Friday, 04 September 2020 11:54 AM
පහුගිය කාලේ නම් වොඩ්කා වතුර කළහැකි ඇමති කෙනෙකුත් හිටියා.
jamboo Saturday, 05 September 2020 11:33 AM
ඔය සමහර ආගම්වල ලියවිලා තියෙන විදිහට මේක ‘‘ප්‍රාතිහාර්යමය‘‘ ක්‍රියාවක්..
Sanjeewa Monday, 07 September 2020 09:04 AM
මේක ඉතින් රවී කරුණානායකගේ ගෝලයා එතනෝල් ජයලත්ගේ වැඩක් තමයි.
ජයලත් Monday, 07 September 2020 09:08 AM
මේක ඉතිම් රවීගේ ගෝලයා එතනෝල් ජයලත්ගේ වැඩක්...