IMG-LOGO

වවුනියාවේ බලය අල්ලන්න දෙමළ පක්ෂ දෙකක් එක් වෙති

(සිතුම් චතුරංග)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය (ජනනායක තමිල් තේසිය කූටනි) සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය එක්ව වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයෙන් වවුනියාව මහනගර සභාව වැඩි ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය ජයග්‍රහණය කළ අතර ඔවුනට බලය පිහිටවීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශිය සභාව , වවුනියාව වෙන්ගලචෙට්ටිකුලම ප්‍රාදේශිය සභාව සහ වවුනියාව උතුර ප්‍රාදේශිය සභාවන් හි බලය පිහිටුවීම සඳහා සිය පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය එකඟව කටයුතු කරන බවත් සඳහන් කළේය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පි. සත්‍ය ලිංගම් මහතා එලෙස පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය එක්ව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ වවුනියාවේ පැවති සකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 



අදහස් (1)

වවුනියාවේ බලය අල්ලන්න දෙමළ පක්ෂ දෙකක් එක් වෙති

Bunny Preena Friday, 16 May 2025 02:36 PM

කවුරු, කොහොම පත්කළත් ප්‍රශ්නයක් නැහැ... ගම දියුණු වෙනවා නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 32 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1622 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site