(සිතුම් චතුරංග)
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා තරඟ කිරීමට පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 77ක් සුදුසුකම් ලබා ඇති බව වවුනියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
පළාත් පාලන ආයතන වෙනුවෙන් දේශපාලන පක්ෂ 82ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කොට තිබූ අතර ඉන් පක්ෂ 77ක් සහ ස්වාධීන කණ්ඩායම් 17 නාමයෝජනා භාරදුන් බවත් ඉන් පක්ෂ හයක් සහ ස්වාධීන කණ්ඩායම් පහක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව සඳහන් කළේය.
වවුනියාව නගර සභාවට ප්‍රධාන පක්ෂ 14 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා ඇති අතර දෙමළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පෙරමුණ යන දේශපාලන පක්ෂ සහ එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව පැවසීය.
වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශිය සභාව සඳහා ප්‍රධාන පක්ෂ 15ක් සහ ස්වාධීන කණ්ඩායම් පහක් සුදුසුකම් ලබා ඇති අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සහ එක්සත් ජාතික සංධානය යන පක්ෂ වල සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව ප්‍රකාශ කළේය.
වවුනියාව උතුර නෙදුන්කේණි ප්‍රාදේශිය සභාවට පක්ෂ 12 සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පිළිගෙන ඇති අතර එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බවත් කීහ.
වවුනියාව වෙංගල චෙට්ටිකුලම ප්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 12 ක සහ ස්වාධීන කණ්ඩායම් හතරක නාමයෝජනා පිළිගෙන ඇති අතර පක්ෂ දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව පැවසීය.
වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාව සඳහා ප්‍රධාන පක්ෂ පහක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා ඉදිරිපත් කොට තිබූ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වවුනියාවේ 11 ප්‍රතික්ෂේප වේ