( සිතුම් චතුරංග)
වව්නියාව නගරයේ පාසල් 6 ක් නව පාසල් වාරය සඳහා හෙට ( 11) විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
දෙමළ මහ විද්‍යාලය, ගාමිණි ජාතික පාසල, දෙමළ කතෝලික මිශ්‍ර පාසල, රම්භකුලම බාලිකා විදුහල, සයිවප්‍රකාශ විදුහල හා මුස්ලිම් මහ විද්‍යාලය යන පාසල් මෙලෙස විවෘත නොකරීමට පියවර ගෙන ඇතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා සඳහන් කළේය.
වවුනියාව නගරයේ කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ හා එහි සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ අවසන්වනතුරු නගරයේ කඩසාප්පු ඊයේ (09) සිට තාවකාලිකව වසාදැමීමට ද පියවර ගෙන තිබුණි.
වවුනියාව නගරයේ ව්‍යාපාරිකයින් හා සේවකයින් 55 දෙනකු කොවිඩ් 19 වෛරස ආසාදිත පුද්ගලයින් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම පියවරගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත ගැබිණි කාන්තාවක් හා කිලිනොච්චිය ඉංජිනේරුපීඨයේ සිසුවකු හදුනා ගැනීමත් සමඟ වවුනියාව නගරයෙන් හමුවූ ආසාදිතයින් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවද පැවසීය.
ආරක්ෂිත පියවරක් ලෙස වවුනියාව තොග වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙනත් ස්ථානක් ලබාදී ඇති අතර මාර්ග ආසන්නයේ වෙළදාම් හා පදික වෙළදාම නැවත දැනුම්දෙනතෙක් තහනම් කිරීමට පියවරගෙන ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
වවුනියාව බසාර්වීදිය හා ධර්මලිංගම් වීදිය තවදුරටත් හුදකලා කර ඇති අතර වවුනියාව නගරයේ ව්‍යාපාරිකයින් හා සේවකයින් 1600 දෙනකුගේ පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිත බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වව්නියාව පාසල් 6 ක් හෙට විවෘත නොකිරීමට තීරණය කරයි