IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වැලි ජාවාරමට පතල් කාර්යාංශයේ සමහරුත් හවුල්

(බිඟුන් මේනක ගමගේ)


වැලි ජාවාරම්කරුවන්ට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් අතලොස්සක් ද සහාය දක්වන බවට එහි සභාපති අසේල ඉද්දවෙල මහතා චෝදනා කරයි.

 
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යනු වැලි පස් ජාවාරමට බලපත් නිකුත් කරන ඒජන්සියක් නොවන්නේ යැයි කී හෙතෙම එම තත්ත්වයෙන් ආයතනය නිවැරැදි මාවතට අවතීර්ණ කරන්නට යෑමේදී තමාට අභ්‍යන්තර ප්‍රහාරයකට ලක්වන්නට ද සිදුව ඇතැයි අවධාරණය කළේය.
 
මෙසේ වැලි ජාවාරම් කරුවන්ට සහාය දක්වන්නේ ආයතනයේ අතලොස්සක පිරිසක් යැයි ද තමා ඊට යට නොවන්නේ යැයි ද ඉද්දවෙල මහතා පැවසීය. 
 
හරිත වැලි තොටුපළ සංකල්පය පොළොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අසාර්ථක වී ඇති බව තමා පිළිගන්නේ යැයි ද කවර බාධක පැමිණිය ද වැලි මාෆියාවට නීතියේ ඇසට වැලි ගසන්නට ඉඩ නොදෙන්නේ යැයි ද සභාපතිවරයා කීය.
 
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා දැනුවත් කළේ යැයිද ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළේය



අදහස් (8)

වැලි ජාවාරමට පතල් කාර්යාංශයේ සමහරුත් හවුල්

පිටිගල මිලානෝ Sunday, 10 March 2019 01:31 PM

එතකොට පොළොන්නරුවේ ලක්ෂ උයන පැත්තේ අයගේ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?

:       0       28

ranjith Sunday, 10 March 2019 01:50 PM

වැලි සහ පස් අද ආණ්ඩුවේ පොලක් කරගෙන ජාවාරම් කාරයෝ ගිනිගණන් වලට ජනතාවට විකුණනවා... දුප්පත් මිනිහෙක් ගෙයක් හදාගන්නේ කොහොමද?

:       0       19

චමින්දMonday, 11 March 2019 01:24 AM

මේ කථාව සම්පූර්ණයෙන් ඇත්ත. සමහරක් ටිපර් රථ හිමියන් හා රියදුරන් කොතැන හෝ ඇලකින් නැත්නම් කුඹුරක් හාරාගෙන මඩ වැලි කිසිම බලපත්‍රයක් නැතිව ප්‍රවාහනය කරනවා. අධික මිළ ගනන් අයකරනවා.ගෙනඒම ටිකක් ප්‍රමාද වුනහොත් ට්‍රැපික් ඕ.අයි සී මහත්තයා හමුවෙන්න බැරිවුනා හමුවුන ගමන් ගෙනෙන්නම් කියනවා. මේ අතරම කියන්න ඕන මැණික් හා ස්වර්ණාභරන අධිකාරියෙත් මෙතුමා කියන ආකාරයේ නිළධාරීන් ඉන්නවා.

:       0       2

Janaka from Matara Sunday, 10 March 2019 04:07 PM

"..තමා ඊට යට නොවන්නේ යැයිද ඉද්දවෙල මහතා පැවසීය." සභාපතිලා දන්නේ යටත් නොවී ඉන්නයි කියලද හිතාගෙන ඉන්නේ...? පන්නලා දාන්නකෝ ඔය රැල රොත්ත පිටින්...

:       0       25

Raveendra Sunday, 10 March 2019 06:16 PM

ඕනෑම ආයතනයක ආයතන සංග්‍රහයක් කියල දෙයක් තියෙන බව මේ උසස් නිලධාරියා දන්නේ නැද්ද? නොදන්නවාද? ආයතන සංග්‍රහයේ තියෙන නීතිරීති ගැන හොඳ අවබෝධයක් තිබේ නම් එයම ඇති එවන් තක්කඩියන්ව සදහටම මෙම ආයතනයෙන් පන්නා දමන්න.

:       0       53

abaran Sunday, 10 March 2019 07:56 PM

රාජ්‍ය ආයතන වල ඉන්නා තක්කඩියන් එහි ප්‍රධානීන්ට ඇහුම්කම් නොදීම සහ ඔවුනට ඇති දේශපාලන බලය අයතා අයුරින් පාවිච්චි කිරීම රටට සිදුවන මහා විසාල නස්පැත්ති යකි.සමහර ආයතන වල ලොක්කන්ගේ ජීවිත පවා අහිමි කල අවස්ථාද අප හට පහුගිය සමයේ අසන්නට ලැබුනේ ඒ නිසාවෙන්.ඉතින් දේශපාලන බහුබූතයෝ සමගින් එවන් කාර්යයක් කිරීම ලෙහෙසි පහසු වැඩක් නොවේ.

:       0       2

රවින් Sunday, 10 March 2019 10:44 PM

හා ඇත්තද? ඔය වැඩේ ඊයේ පෙරේදා පටන්ගත්ත එකක්ද? පළමුදා නැතිනම් ඊට පළමුදා පටන්ගත්ත එකක්ද? ඔබතුමා ඔය තනතුරේ කොතෙක් කල් ඉන්නවාද?

:       0       1

de silva Monday, 11 March 2019 01:58 PM

ගැඹුරු මුහුදින් වැලි පොම්පකර පිරිසිදු කර වෙළඳපලට බෙදා හැරිම කරන්න බැරිද ? නිකන් දූෂිත නිලධාරියෝ පොහොසත් කරන්නේ නැතුව ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site