වැලි පැටවූ ටිපරයක් 2004 ජනවාරි මාසයේ දී කොල්ලකෑ වරදට දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඇතුළු සිව් දෙනෙක් කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් දඩ ගසා සිර දඩුවම් ද නියම කරනු ලැබූහ.
උප සභාපති පී ඩබ්ලිව් ජී ප්‍රියන්ත උදය කුමාර , සුනන්ද කරුණාරත්න, එඩ්වින් ප්‍රේමසිරි හා එම් වී පුෂ්පකුමාරට එම දඬුවම් නියම විය.
එක් අයකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, රුපියල් දස දහසක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම විය.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි කොල්ලකෑ හිටපු ප්‍රා උප සභාපතිත් හිරේ
අජිත් පැරිස් Tuesday, 03 December 2013 06:04 PM
ප්‍රාදේශීය සභා වලට තවත් සුදුසු කමක් මේ ලැබිලා තියෙන්නේ. නැවත එලියට ආවම බහුතර ඡන්දයකින් ආපසු එන්නට.(නදී)
ගජබා Tuesday, 03 December 2013 12:25 PM
මෙන්න මේ වගේ පොලිසියෙන් දඬුවම් නියම නොකර උසාවියෙන් නියම කලාම කට්ටියටම පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මරණ දඬුවමත් ක්‍රියාත්මක කලා නම් හරි. (ස)
බමුණු Tuesday, 03 December 2013 12:35 PM
හා හා හා ඔය තියෙන්නේ දැන් තපින්න හිරේ. (ස)
උපාලි Tuesday, 03 December 2013 12:42 PM
යුක්තිය ඉටු වීම සතුටක්. නමුත් අවුරුදු නවයක් තිස්සේ නඩුව ඇදී ඇදී ගිය එක ගැන නම් සතුටු විය නොහැකියි. යුක්තිය පසිඳලීම ඉක්මන් කිරීමට වැඩ පිළිවෙලක් යෙදීම අත්‍යවශ්‍යයි. (ස)
බමුණු Tuesday, 03 December 2013 12:59 PM
"මරණ දඬුවමත් ක්‍රියාත්මක කලා නම් හරි' (ස)
සඳුනි Tuesday, 03 December 2013 01:04 PM
කලකින් ඇසූ හොඳ පුවතක්.උපාලි සමඟ මමත් එකඟ වෙමි. (ස)
ධම්ම Tuesday, 03 December 2013 01:10 PM
දැරණියගල, මාවනැල්ල , දෙහිඕවිට, කහවත්ත මේ සියල්ලම සබරගමුවේ. මේ අය පෝෂණය කර එයින් පල නෙලාගත් උදවියට ස්වභාව ධර්මය විසින් දඬුවම් දේවි. (ස)
රෝයි Tuesday, 03 December 2013 01:12 PM
අවුරුදු 15 ක් කියල තිබෙන්නේ වැරදීමක් කියලයි මම නම් හිටන්නේ. (නදී)
පිටබැද්දර ජයා Tuesday, 03 December 2013 01:31 PM
පලා බබාලට වෙනම හිර ගෙයක් හැදුවොත් නරකද ?(නදී)
ආරියසේන Tuesday, 03 December 2013 08:51 PM
පලා බබාලා වැඩිහරියක්ම ඉන්නේ හිරේ. මේ අයට වෙනම හි රගෙයක් හැදුව නම් හොඳයි. ඒ අයගේ වැඩ කටයුතු ඒ අයට ඕනා විදියට කරගෙන යන්න.(නදී)
සරත් පර්ත් Tuesday, 03 December 2013 03:31 PM
හිරේදී නවක වදේ ලැබුනොත් හුඟක් හොඳයි (නදී)
ගුණේ Wednesday, 04 December 2013 09:52 AM
මහ අධිකරණ විනිසුරු මේනකා විජයසුන්දර මෙනවියට ප්‍රථමයෙන් ස්තුති පූර්වක මල් මිටක් ! නීතියේ දේවතාවිය ඇස් දෙක බැදගෙන ඉන්න කළු රෙදි කඩේ පැල්ලම් සහිත සිදුරු තුලින් නිතිය හොරන් රිංගා යන අවස්ථාවක සාධාරණ තීන්දුවක් ප්‍රකාශ කිරීමට එඩිතර වුන ඔබට තව තවත් ශක්තිය ලැබී සමාජයට පිළිලයක් වෙන විසබීජ නැති කර දමන්නට වරම් ලැබේවා. (ස)
නාමල් Tuesday, 03 December 2013 04:09 PM
වැලි ඇදපු කට්ටියට අවසර තිබුනද? ඇයි කොල්ලකෑවේ..එයාලටත් ඇදගන්න තිබුනනේ? විස්තර තව දාන්න හරියටම දැනගන්න..(නදී)
ද සිල්වා Tuesday, 03 December 2013 10:25 PM
කොහොම නමුත් පමාවී හෝ දඩුවම් ලැබීම හොඳයි, කොහොම නමුත් ආරියසේන යෝජනා කරන පරිදි ප්‍රාදේශීය දේශපාලකයන්ට ඉන්න වෙනමම හිර ගෙයක් හැදීම හොඳයි. නැත්නම් එහි සිටින අනිකුත් හිරකාරයන්ද මොවුන්ගේ ඇසුර නිසා නරක් වීමට ඉඩ ඇත (නි)
නන්දන Wednesday, 04 December 2013 11:34 AM
වැලි ලොරියක් කොල්ල කෑවට වසර 15ක්.......හිතන්න මොවුන්ගේ බිරින්ඳෑවරුන්ට දරුවන්ට මොකද වෙන්නේ කියලා......මමත් හිතන්නේ මෙය වැරදීමක්.. (ස)
චමත් ඉතාලිය Wednesday, 04 December 2013 01:00 AM
මේ අය වගේ අනිත් වැරදි කරන පලා බබාලාවත් ඔය විදියටම හිරේ යැවූවොත් නියමයි. (නි)