
(චන්ද්‍රසේන ගමගේ)
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වලස්මුල්ල මුරුතවෙල,ජූලම්පිටිය, ගලහිටිය හා ඕමාර යන ප්‍රදේශවල ගස් කඩා වැටීම් රැසක් වාර්තා වෙයි.
ගලහිටිය ප්‍රදේශයේදී මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් වලස් මුල්ල මිද්දෙණිය මාර්ගයේ ගමනාගමනයට අද සවස බාධා ඇතිව තිබුණි.
ගලහිටිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් නිවසේ කොටසකට හානි සිදුව තිබුණි.
ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් මොරකන්දේ ගොඩ ප්‍රදේශයේද ගස් කඩා වැටීම් රැසක් සිදුව තිබේ.
ප්‍රදේශ කිහිපයකට විදුලි බලයද ඇණ හිට තිබේ.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි