IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වලව්වේගම ඝාතනයට අඹු සැමි යුවළක් අල්ලයි

(  කුෂාන් ජයවර්ධන) 

කලාවැව  වලව්වේගම  නිවසක් තුළ සිදුව තිබූ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර කලාවැව වලව්වේගම නිවසත් තුළ තිබී සොයා ගැනීමට ඉපලෝගම පොලිසියට හැකිව තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ  විජිතපුර වලව්වේගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි නාවලගොඩ ලියද්දේ ගෙදර තිලක් වීරසිංහ නමැති 37 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කියයි.

මළ සිරුර හමුවූ නිවස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවලක් සඳහා කුලියට ලබා දී තිබූ එකක් බවට පොලිස් විමර්ශණවලදී අනාවරණය වි තිබිණ. 

ඝාතනයට ලක්වූ පුද්ගලයා තමන් පදිංචි නිවසේ සිට තමන් කුලියට ලබා දී තිබූ මෙම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණී අවස්ථාවේදී කුලියට ලබා දී තිබූ නිවස තුළදී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි.

නිවෙස් හිමියාගේ සිරුර හමුවූ එම නිවසේ කුලීයට සිටි යුවලද සිද්දියෙන් පසු එම නිවස අතහැර පලා ගොස් තිබිණ.

අදාළ නිවසේ කුලි පදනම මත සිටි පුද්ගලයකු හා මිය ගිය පුද්ගලයාද ඇතුළු පිරිසක් පෙරදිනක රාත්‍රියේ එම නිවසේ සාදයක් පවත්වා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූයේද යන්න පිළීබඳව පොලිසියේ අනුමානය වී තිබේ.

 



අදහස් (0)

වලව්වේගම ඝාතනයට අඹු සැමි යුවළක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site