IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙල්ගම් දිවිසරිය නිමා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මිය යන විට 74 වියේ පසුව ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස ඇත.

අමාත්‍යවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

 



අදහස් (13)

වෙල්ගම් දිවිසරිය නිමා කරයි

Sana Saturday, 28 September 2024 07:36 AM

නිවන් සුව ලැබේවා

:       14       87

SamanSaturday, 28 September 2024 09:19 AM

කෙනෙක් මියගියාම නිවන්සැප ලැබේවායි පැතුවම ඒකටත් ඩිස්ලයික් දාලා. එහෙම කාළකණ්නියෝ සිටින රටක් කොහොම හදන්නද කියලා තේරුම් ගන්න බැහැ. කවුරු කොහොම නිවන්සැප ලැබේවායි පැතුවත් පව්කාරයෙක් වුණොත් පව් ගෙවන්න වෙනවා. ඒක වළක්වන්න ප්‍රාර්ථනා කලා කියලා බැහැ... ඒත් එතුමා පව්කාරයෙක් ආකාරයට කටයුතු කලේ නැහැ. එතුමන්ට අජරාමර නිවන්සැප ලැබේවායි පතමි.

:       11       47

inranasingha Saturday, 28 September 2024 11:55 AM

මියගියාම යන්න තැනක් නෙවෙයි... නිවන කියන්න ජීවත්වෙලා ඉන්න කාලේ අවබෝධ කරන්න ඕනෑ දෙයක්...!

:       3       29

ඉරේෂා Saturday, 28 September 2024 07:51 AM

නිවන් සුව ලැබේවා. අපි කාටත් අන්තිමට ගෙනයන්න වෙන්නේ ඉන්නකම් කළ හොඳ විතරයි.

:       3       22

නයනා Saturday, 28 September 2024 08:02 AM

මම නම් ආසයි... නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් කියලා කියන්න දැං කවුද ඉන්නේ අයියෝ...!

:       17       9

Nelu Saturday, 28 September 2024 09:19 AM

අපිත් නිවන් සුව ලැබේවා කියා පතනවා. ඒත් හිටියනං ආපහු රාජිතලා වගේ සජිත්ට එකතු වෙන්න එහෙම බලයි.

:       11       13

PD goonawardene Saturday, 28 September 2024 11:05 AM

ඊළඟට දන්තයත් දිවිසැරිය නිමා කළහම කලුතර තව ටිකක් සුද්ද වේවි...!

:       22       11

sarathSaturday, 28 September 2024 12:47 PM

පී ඩී ගුණවර්ධන වගේ අය දිවිසැරිය නිමකිරීම සිදුවන තෙක් මේරටේ කවුරු බලයට ආවත් රට හදන්න බැහැ...

:       3       6

Perera Saturday, 28 September 2024 12:05 PM

වංශවත් පරම්පරාගත ධනයක් තිබුණු කෙනෙක්. පාර්ලිමේන්තුවේ සිටි සුළුතරයක් වූ හොරෙක් නොවූ, දාමරිකයෙක් නොවූ කෙනෙක්. නිවන් සුව ඔබට...!

:       7       27

Sunil Saturday, 28 September 2024 01:21 PM

මැරුණු කෙනෙක්ට තියා ඒ පවුලේ ඉන්න අයටවත් අපහාස කරන එක නෙවෙයි මේ කරන්නේ. පෙරේරා නම් මතුගම අගලවත්තේ කෙනෙක් නොවෙයි. වෙල්ගම මුදලාලි හෙවත් කුමාර වෙල්ගම මහතාගේ පියා අගලවත්ත පැත්තේ සාමාන්‍ය පවුලක කෙනෙක් කොළඹට ඇවිත් දියුණු වුණා. නවලෝක මුදලාලි වගේ තමයි. ලංකාවේ වැදගත් දෙයක් ලෙස සලකන ගොවි කුලයේ පවුලක්. එස් ඒ වෙල්ගම මුදලාලි මහතා දිරි දීලා දියුණු වුණා. ඔහුට නෑදෑපවුල් වල අයත් උදවු දුන්නා. ඒ පවුල දේෂපාලන බේද නැතුව අගලවත්ත මතුගම පැත්තේ මිනිසුන්ට විශේෂයෙන්ම දුප්පත් නෑයින්ට පවා උදවු කළා. ඒ වගේම මුදලාලි මහතා ජේ ආර්. ජයවර්ධන මහතාගේ ළඟින් ඇසුරු කළ කෙනෙක්. කොත්මලේ බලාගාරයේ වගේ මහවැලියේ කොන්ත්‍රාත් කරලත් දියුණු වුණා. පුතාලත් සෑහෙන්න එහෙම තමයි. හැබැයි පරම්පරාගත ධනවත් වංශවත් කතා නම් ඈතින් නෑදෑවන බව අප අහලා නෑ.

:       1       6

ධම්මිකා Saturday, 28 September 2024 06:40 PM

පෙරේරා මහත්තයෝ වෙල්ගම අතපය හයිය කාලේ සරම කැසකවාගෙන තමයි මතුගම හිටියේ. සල්ලි බලය තිබුණා. ආවාට ගියාට මිනිස්සුන්ට ගැහුවේ නෑ ඒත් ගැහුවා. නෝනලා ළමයි කිදෙනෙක්ද? මේ පැත්තේ එන්නකෝ තව හොඳ කතා අහන්න පුළුවන්...

:       0       5

Chathuri Saturday, 28 September 2024 01:44 PM

මරනේ ඉක්මන්වුනේ අනුරකුමාර ජනදිපති වුන නිසයි තව ඉන්නවා. නාකි නඩේ කරපු වැරදිවැඩවල්ට වන්දි ගෙවන්නකලින් මාරයා ලගට යන්න

:       11       8

දිනුක ජයනාත් Sunday, 29 September 2024 11:54 AM

නිවන් සුව ලැබේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site