IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වරාය අමාත්‍යංශෙ ඩ්‍රයිවර් රිමාන්ඩ්

පුවත් පත් ආයතනයක රියදුරකු වන ධම්මික සුදත්ප්‍රියට පහර දුන්නේයැයි සැකපිට වරාය හා නිවුක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්ගේ රියදුරු නිශාන් තිවංක ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චනීමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

අඟහරුවාදා (5) කොළඹ බෞද්ධාලෝක මාවතේදී මෙම පහරදීම සිදුව ඇතැයි කියමින් අදාළ මාධ්‍ය ආයතනයේ රියදුරු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අද අත්අඩංගුවට ගැනිණි.

තමා අසවල් ස්ථානයේ අයකු බව කියමින් තමා ඇතුළු පිරිසට බැන වැදුණු බවත් රියදුරු කළ පැමිණිල්ලේ සඳහන්ය.



අදහස් (0)

වරාය අමාත්‍යංශෙ ඩ්‍රයිවර් රිමාන්ඩ්

සජිත් Wednesday, 06 April 2016 02:58 PM

අපි ඡන්දෙ දීලා ආණ්ඩු පත් කරනවා. මෙයාලා අපේ ආණ්ඩුවේ නම කනවා.මේ ඇමතිගේ ලොකුකම තමා.එයත් හිතන්නේ එයාට වඩා ලොක්කෙක් නැහැ කියලනේ. (කෞ)

:       0       0

බණ්ඩාර Thursday, 07 April 2016 04:26 AM

මේ වගේ දේශපාලකයන්ගේ උෂ්නයෙන් මොලය කුරුවල් කරගත්ත මෝඩයෝ අනන්තවත් සිටිති එබැවින් එවන් අයටද පාඩමක් ඉගෙන ගැනීමට මේ මෝඩයට උපරිම දඩුවමක් දිය යුතුය (බ)

:       0       0

උපාලි Wednesday, 06 April 2016 03:25 PM

නදුනි, මාත් කල්පනා කළේ ඒකයි. මං හිතන්නේ ඩ්‍රයිවර් මාධ්‍ය ලේකම් කෙනෙකුත් පත් කරගෙන ඇති. (බ)

:       0       0

මුණසිංහ Thursday, 07 April 2016 04:41 AM

බලාගෙන ගියාම වරායේ ඉන්නේ සේරම චන්ඩියෝ ටිකක්නේ. (ම)

:       0       0

කුරුකුල Thursday, 07 April 2016 05:10 AM

මෙයාව දඟ ගෙට අරින්න අවුරුදු 5 කට (බ)

:       0       0

අසෝක Wednesday, 06 April 2016 08:13 PM

ඕක මාධ්‍යවේදියෙකුට නැතුව වෙන අසරණයෙකුට වුණා නම් ඒ මනුස්සයා පොලිසි ගිහිනුත් ඉවරයි. (නි)

:       0       0

කිරිඇල්ල Wednesday, 06 April 2016 08:13 PM

මෙදා අවුරුදු කන්න පුළුවන් බන්ධනාගාරයේදීම (නි)

:       0       0

කිරිඇල්ල Wednesday, 06 April 2016 08:15 PM

මේ වගේ ඔලුව ඉදිමුණු වැඩ කරන්නන්ට දැඩි දඬුවම් දීලා රියදුරු බතපත්‍රයත් අවලංගු කිරීම යෙහෙකි. බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

අසෝක Wednesday, 06 April 2016 12:02 PM

මේ අයට දෙන්න ඕනේ රෙදි නැතුව දුවන්න.(හේ)

:       0       0

අනුරාධ Wednesday, 06 April 2016 12:13 PM

මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

ලුම්බිණි Wednesday, 06 April 2016 11:49 PM

සමහරවිට වරායේ සභාපතිතුමාගේ හැසිරීම (මාධ්‍යයට විරුද්ධව) මේ රියදුරු උතුමා බලාගෙන ඉඳලා පාඩමකට ගන්න ඇති. (නි)

:       0       0

සුජීව Wednesday, 06 April 2016 01:38 PM

රිමාන්ඩ් කරලා මදි මේ වගේ අයව.(හේ)

:       0       0

තිලක් Wednesday, 06 April 2016 01:53 PM

මේකා දැගලුවේ මහා ලොක්කෙක් වගේනේ (බ)

:       0       0

රොකී Thursday, 07 April 2016 02:19 AM

වරායේ අනෙක් උත්තමයන්ගේ රස්නය තමයි මොහුගේත් ඔලුවට ගහලා තියෙන්නේ. මොවුන් හිතන්නේ තමන් ලෝකෙට ලොක්කෝ කියලයි. (නි)

:       0       0

ජයපාල Wednesday, 06 April 2016 02:02 PM

කාට හරි පන්දමක් අල්ලලා රස්සාව ගත්තු අටපාස් කෙනෙක් ගෙන් ඔයිට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් (බ)

:       0       0

රොකී Wednesday, 06 April 2016 02:16 PM

මම හිතුවේ ලොක්කෙක් කියල. බලපුවාම ඩ්‍රයිවරයෙක් නේ! කිසිම අනුකම්පාවක් නොදක්වා මේ වගේ ඔලුව ඉදිමිච්ච් නීච කටුකන්නන්ට දැඩි දඬුවම් දීලා රියදුරු ලයිසමත් කැන්සල් කිරීම සුදුසුයි. (බ)

:       0       0

සෙන්සාන් Thursday, 07 April 2016 02:56 AM

දේශපාලකයෝ තරම් රටේ දුෂිතයන් කණ්ඩායමක් නැත්තේමය. අපිම ඔවුන්ව පත්කරගෙන පසුව තැවෙන එක තමයි ලොකුම පාපකර්මය. (නි)

:       0       0

ඇසළ Wednesday, 06 April 2016 02:19 PM

ජයපාල කියන එක මේ රියදුරාට විතරක් නෙමෙයි සැහෙන පිරිසකට නියමෙට වදින්න ලියල තියනවා. (බ)

:       0       0

නදුනි Wednesday, 06 April 2016 02:28 PM

මේ අයටත් මාධ්‍ය ලේකම්ලා ඉන්නවද ? (හේ)

:       0       0

නන්ද Wednesday, 06 April 2016 02:43 PM

කකුල් දෙකේ මීහරක් තප්පුලන්න පටන් ගන්නේ උන්ගේම විනාශයට යි කියල ගැමි කියමනක් තිබෙනවා. මේ එම කියමන තහවුරු වූ අවස්ථාවක්. (බ)

:       0       0

මාලී Wednesday, 06 April 2016 02:46 PM

ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ්. කාපන්කෝ අවුරුදු, ඉතින්. (බ)

:       0       0

බණ්ඩාර Thursday, 07 April 2016 04:02 AM

රණතුංග පවුලේ කාවහරිවෙන්න ඇති (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site