IMG-LOGO

වැරදි වචනෙන් බංගලි මහ බැංකුවේ කෝටි 300 ක් බේරුණු හැටි

බංගලිදේශයේ මහ බැංකුවේ ඩොලර් දෙකෝටියක් හැකරුන් විසින් සොරකම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් දුරකතන අංකයක් ගැන පරීක්ෂණ දිගටම පවත්වන බවත් මොරටුව සරසවියෙන් සහාය ද ඒ සඳහා ලබා ගන්නා බවත් රහස් පොලිසිය අද (07) අධිකරණයට දැන්වීය.

රහස් පොලිසිය පැවසූයේ ප්‍රියංකර ජයදේව නම් පුද්ගලයෙකු ජපන් ජාතික තදාෂි සසකි, ශාලිකා පදනමේ අධ්‍යක්ෂක වරුන්ට හඳුන්වා දී පුණ්‍යායතන සඳහා විදේශ අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් ශාලිකා පදනම බැංකු ගිණුමක් ආරම්භ කළ යුතු බවයි. ශාලිකා පෙරේරාගේ සගයා වන ප්‍රදීප් රෝහිත ඩම්ප්කිං ඩොන් මියුරින් රණසිංහ, නිශාන්ත නාලක, සංජීව බණ්ඩාර හා ශිරාණි ධම්මිකා ප්‍රනාන්දු එම පදනමේ අධ්‍යක්ෂකවරුන් බවයි.

ඩබ්.එම්.පී. ජයදේව හා එම්.පී. නිලූකා ලක්ෂ්මී ලඟ තිබී අත්අඩංගුවට ගත් පරිගණක මධ්‍යම සැකසුම් ඒකකය හා ජංගම දුරකතන පිළිබඳ වාර්තා මොරටුව සරසවියෙන් තවම නොලැබුණු බවයි.

2014 ජූලි 9 හා අගෝස්තු 26 කාලයේ දී සසකි ජපන් ජාතිකයා ශ්‍රී ලංකාවේ සිටි බවත් බම්බලපිටියේ පෞද්ගලික බැංකුවක එම පදනම 2016 ජනවාරි 26 වැනිදා ගිණුමක් ආරම්භ කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

ඒ අනූව ග්‍රාමීය බිදුලිබල යෝජනා ක්‍රමයක් වෙනුවෙන් 2016 පෙබරවාරි 4 වැනිදා ශිෆ්ට් පණිවිඩ ක්‍රමය යටතේ බංගලිදේශයෙන් ඩොලර් 19,999,977.50 (රුපියල් 2905959766.94) ලැබුණු බවත් පොලිසිය අධිකරණයට කීවේය.

එහෙත් එම මුදල් එවූ ආකාරයේ වැරදීමක් නිසා එම ගණුදෙණුව ගැන බම්බලපිටි බැංකුව බංගලිදේශ මහ බැංකුවට දන්වා ඇත. බංගලිදේශ මහ බැංකුවේ මුදල් සැකරුන් විසින් සොරකම් කරන ලදැයි සොයා ගැනිණි.

එම ශිෆ්ට් පණිවුඩයෙන් ෆවුන්ඩේෂන් යන ඉංග්‍රීසි වචනය වැරදියට (fandation ලෙස) ලියා ඇති බවත් ඒ අනූව ගණු දෙනුව නතර කළ බවත් අධිකරණයට දැන්වීය.



අදහස් (0)

වැරදි වචනෙන් බංගලි මහ බැංකුවේ කෝටි 300 ක් බේරුණු හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 656 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site