IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


වයඹ පාසල් ඇරැඹීම සතියකින් කල් දමයි

 

( පුෂ්පකුමාර ජයරත්න )


කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින කොරෝනා වසංගත අවදානම සැළකිල්ලට ගෙන අවදානමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම ලබන 23 වන දින සිදු නොකර තවත් සතියකින් කල් දැමීමට තීරණය කළ බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය.

 වයඹ පළාත තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද (20) කුරුණෑගල පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කළේය.


  වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තීරණය වයඹ දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත් බවද මෙම තීරණය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත දන්වා යවන බවද රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය.


ඒ අනුව කොරෝනා අවදානම පවතින කුරුණෑගල මහ නගර සභා සීමාවේ පිහිටි සියළුම පාසල්, කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල්, මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල් සමඟ කුලියාපිටිය නගර සභා බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල් සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, කනදුල්ල මහා විද්‍යාලය, දියකළමුල්ල මහ විද්‍යාලය, පන්නල නගර සීමාවේ පිහිටි පාසල් සහ ඊරියගොල්ල මහා විද්‍යාලය, රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බළ ප්‍රදේශයට අයත් රම්බොඩගල්ල  මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල නගර සීමාවේ පිහිටි සියළුම පාසල්, මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බළ ප්‍රදේශයේ පිහිටි ගජනැග්ගම, අඹගස්වැව, බලල්ල, යාපහුව මහා විද්‍යාල සහ මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් පමණක් ලබන 23 වන දින ආරම්භ නොකර සතියක කාලයක් වසා තබන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය.


මෙම මාධ්‍ය හමුවට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ්, කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත මහත්වරුද කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරුද සහභාගි වූහ.



අදහස් (0)

වයඹ පාසල් ඇරැඹීම සතියකින් කල් දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site