IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි

 (බී.ජී. චතුරංග )

නිධානයකින්  ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය  ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු  සූක්ෂම ලෙස අනුරාධපුරයට ගෙන්වා ගෙන, එම ව්‍යාපාරිකයා සතු රුපියල් ලක්ෂ 9ක මුදලක් කොල්ලකා පලා ගිය කොල්ලකරුවන් පිරිසේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

 

මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. 

සිද්ධියට  මුහුණ පෑ  ව්‍යාපාරිකයා සතු ඉඩමක් විකිණීම සඳහා පුවත්පතක  දැන්වීමක් පල කර ඇති  අතර, එම ඉඩම් මිලදී ගන්නා මුවාවෙන් දුරකථනයෙන් සම්බන්ධ වී ඇති, මෙම කොල්ලකරුවන් පසුව, එම ව්‍යාපාරිකයා සමඟ හිතවත්කමක් ඇති කර ගනිමින්  මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

පසුව දිනක් මෙම කොල්ලකරුවන් පිරිසේ අයෙකු  මෙම ව්‍යාපාරිකයාට  දුරකථන ඇමතුමක් ලබා ගෙන, තමන් සතුව නිධානයකින් ගොඩ ගත් රන්කාසි  තොගයක් තිබෙන බවත් එය රුපියල් ලක්ෂ දහයක මුදලකට විකුණන බව පවසා ඇතැයි  පොලිසිය කියයි. 

දුරකථනයෙන්  කතා කරගත් පරිදි මෙම රන්කාසි තොගය පරීක්ෂා කර බලා  මිලදී ගැනීම සඳහා ඊයේ (26) අනුරාධපුරයට පැමිණ ඇති ව්‍යාපාරිකයා හමුවට,  පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මෙම පෞරාණික යැයි පැවසූ කාසි තොගය ලබාදී ඇති බව  පොලිසියේ කියයි. 



අදහස් (0)

ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site