
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
සිවුරු දරා ගත් පුද්ගලයා සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරිය වැව ඇඹිලිපිටිය මිනුවන්ගොඩ ආණමඩුව සහ වේයන්ගොඩ පදිංචිකරුවන් පිරිසකි.
වේයන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නිදන් හෑරීමේ යෙදී සිටි මෙම පිරිස ඒ සඳහා උපයෝගී කරගත් දේපළ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.
නිදන් ලබා ගැනීමට සඳහා හාරා ඇති ස්ථානයේ මේ වන විට විශාල ජලාශයක් සේ දිස්වෙන බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ස්ථානයේ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධරීන් ාරින් කැඳවීමටද පියවර ගෙන තිබේ.
වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
සෙනෙවිරත්න Friday, 20 September 2024 04:43 PM
මේ අයට නොතේරෙන හැටි මෙහෙම වලලන්න වස්තුවක් තිබුනේ නැති වග...