IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වියදම් වාර්තා 24 සිට මහජන ප්‍රදර්ශනයට

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂකයන් බාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි  මැතිවරණ වියදම් වාර්තා මෙසේ ප්‍රදර්ශන කරන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් ( නීති විමර්ශන) චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනත අනුව  එම වියදම් වාර්තා බාරදීමේ අවසාන දිනෙන් දින දහයකට පසු ඒවා ජනතාවට ප්‍රදර්ශනය කළ යුතු බවයි.

එම වියදම් වාර්තාවල ගැටලු පවතින්නේ නම් ඕනෑම අයෙකුට  අධිකරණ ක්‍රියාමාර්ගවලට යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරණයට  ඉදිරිපත්වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් තිස් පස් දෙනෙකු ආදායම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට  ඉදිරිපත් කර තිබිණ.



අදහස් (0)

වියදම් වාර්තා 24 සිට මහජන ප්‍රදර්ශනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site