
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වූහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස්(නීති) නීතිඥ චින්තක කුලරත්න මහතා පැවසුවේ ආදායම් වාර්තා කලට වේලාවට ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙයට අමතරව අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතුවේ.
මැතිවරණ ක්‍රමය තුළ විනිවිදභාවයක් ඇති කිරීම සහ අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා එම වියදම් වාර්තා නීතිය ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු