IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විපතට පත්වූවන්ට රජයෙන් වන්දි

නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මරණයට පත්වූවන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් හා විනාශ වූ නිවෙස් වෙනුවෙන් රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ 25 බැගින් වන්දි ලබාදීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ස්වභාවික ආපදා සඳහා වූ ජාතික රක්‍ෂණාවරණ වැඩසටහන යටතේ මේ සඳහා මුදල් වෙන්කර ඇති කිසිම භේදයකින් තොරව විපත් සිදුවූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවද අමාතයවරයා සඳහන් කළේය.

විනාශයට පත් නිවාස ගණනය කිරීම ආරම්භ කිරීම සඳහා අදාළ චක‍්‍රලේඛය ප‍්‍රාදේශිය ලේකම්වරුන්ට හා දිසාපතිවරුන්ට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා සති දෙකක් තුළ එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

anurapiya_2016523



අදහස් (0)

විපතට පත්වූවන්ට රජයෙන් වන්දි

රජිත් මංජුල‍ Monday, 23 May 2016 05:37 PM

අනේ අපි නොදන්නා මොණරතැන්න! ඕක තමයි කියන්නේ කන්න පින තියෙනවා නම් ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කුස්සියටම එනවා කියලා (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 May 2016 12:24 PM

වන්දි කෙසේවෙතත් ඒ මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් හදල දෙන්න නිසි පිළිවෙලකට. (ර)

:       0       0

ඇසළ Tuesday, 24 May 2016 04:04 AM

රක්ෂණ තියන තැන්වලට, වාහන වලට ඒවා ගෙවන්න එම ආයතන වලට රජයක් වශයෙන් අවශ්‍ය නීති පනවා කටයුතු කළයුතුයි. දැනට තියන වාර්තා අනුව රක්ෂණ ආයතන මඟඅරින බව පෙනෙන්න තියන කාරණයක්. ඒවා නැති අහිංසක ජනතාවට මුලුමනින්ම නිවාස අහිමිවුණ පිරිස් සහ අර්ධ වශයෙන් විනාශවුණ පිරිස් සොයාබලා නිවාස නැවත හදාගැනීමට හැකි මුදලකින් ආධාර කළයුතුයි. දැන් කාලේ ලක්ෂයකින් කරන්න පුළුවන් මොනවද? ඇමතිවරු ලක්ෂ 600 - 700 බෙන්ස් හොයන කාලේ ස්වභාව ධර්මය විසින් විනාශකළ නිසා දුප්පත් මිනිහට අඩුගානේ වැටිලා ඉන්න තැනක් සාදාදීම ඒ මිනිසුන්ගේ ඡන්දෙන් පත්වෙච්ච හුස්ම ගන්න බැරි විදියට ජනතාවට බදු ගහන මේ රජයේ යුතුකමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site