IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


විපක්ෂ නායක-ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක්

(නිමල කොඩිතුවක්කු)

ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි.

ඉන්දීය තානාපති නිල නිවසේ දී මෙම හමැව පැවැත්විණ.

පවතින  ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ඉන්දියාවට සිය ස්තූතිය පුද කරන බව විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව පිළිබඳව එහිදි සිහිපත් කළ  විපක්ෂ නායකවරයා ආර්ථික සංස්කෘතික සාමාජීය යනාදී වශයෙන් එය පැතිරී ඇති බවද සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා උපරිම වශයෙන් ආධාර සහ සහයෝගය ලබා දෙන ලෙසද විපක්ෂ නායකවරයා  එහිදී ඉල්ලා සිටියේය.

එලෙස ලබා දෙන ආධාර උපකාර ජනතාවට වඩාත් ප්‍රතිඵලදායි ලෙස භාවිතා කිරීම සඳහා වූ  වැඩපිළිවෙළට ද අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද  ඔහු ඉල්ලිමක් කළේය.

ඉන්දියාව විසින් මෙරටට මෙතෙක් කල් ලබා දුන් සහයෝගය පිළිබඳව ද විපක්ෂනායකවරයා  සිය ප්‍රණාමය පුද කළේය.

එම හමුවට විපක්ෂ නායකවරයා  සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ආචාර්ය  හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, වඩිවෙල් සුරේෂ් යන මහත්වරුද එක්ව සිටියහ.



අදහස් (0)

විපක්ෂ නායක-ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 569 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site