IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 8ක් ඇතුළු 14කට තුවාල


 
(සමන් පාලිත නානායක්කාර)

 
හපුතලේ සිට බලංගොඩ බලා ධාවනය  වෙමින් තිබූ වෑන් රථයක්  ඊයේ රාත්‍රියේ හල්දුම්මුල්ල වල්හපුතැන්න  මහා වංගුව ප්‍රදේශයේදී අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමුන් 8දෙනකු ඇතුළු 14දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
 
ඔවුන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
 
බලංගොඩ ප්‍රදේශයේ  පදිංචි පිරිසක්  හපුතලේ ලිප්ටන් සීට් නැරැඹුම් මධ්‍යස්ථානයේ සංචාරයක ගොස් ආපසු එමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇති බවද පොලිසිය කියයි.
 
තුවාල කරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු පිරිමි තිදෙනෙකු හා කුඩා ළමුන් අට දෙනකු වන බව සොයාගෙන ඇත.
 
ප්‍රපාතයට පෙළුණු වෑන් රථයේ  සිටි තුවාලකරුවන් ප්‍රධාන මාර්ගයට ගැනීමට හල්දුම්මුල්ල පොලිසිය සමග ප්‍රදේශවාසීහු මහත් වෙහෙසක් දැරූහ.



අදහස් (0)

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 8ක් ඇතුළු 14කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site