IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විනිසුරුට එරෙහි පෝස්ටර් සිද්ධියට ප්‍රකාශයක් දෙන්නැයි රංගාට නියෝග

(මනෝප්‍රිය ගුණසේකර)

මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ලබන මස 07 වැනිදා තෙක් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැය 48 ක කාලයක් තුළ කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් දෙන ලෙස අද (24) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය එලෙස නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලණි.

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේශ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසා වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින්නේ යැයි කීය.

එම සිද්ධියට තම සේවාදායකයාගේ සම්බන්ධයක් නොමැති බවත් ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් දීමට ඔහු සූදානම් නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති හෙයින් එම ප්‍රකාශය දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා ඉදිරි මහ මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයෙකු යැයිද කීය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ල පෙත්සම්කරු ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගන්නා බවත් ඒ අනුව අදාළ නියේග නිකුත් කරනන බවත් සඳහන්කළේය.

පෙත්සම්කරු මහ මැතිවරණයට තරඟ වදින බව තහවුරු කෙරෙන ගැසට් නිවේදනය ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කළේය.

 



අදහස් (0)

විනිසුරුට එරෙහි පෝස්ටර් සිද්ධියට ප්‍රකාශයක් දෙන්නැයි රංගාට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site