IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වෙනත් පක්ෂයකට ගියොත් එජාපයේ සියලු දේ අහෝසියි

(නිමල කොඩිතුවක්කු)
 
පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ  සාමාජිකයන්ට  තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත්  යම්කිසි පිරිසක් එවැනි තීරණයක් ගතහොත්   ඒ සියලු දෙනාගේම  සංවිධායකකම්, පක්ෂයේ නිලතල  ඒ මෙහොතේ සිටම අහෝසි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
 
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ කිසිදු පැකිලීමකින් තොරව මේ මොහෝතේ සිටම ක්‍රියාත්මක කරන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ  අද (11) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු   මේ බව පැවැසීය.
 
සමගිය සහ පක්ෂයේ  අනාගතය වෙනුවෙන් සිතා  එක්සත් ජාතික පක්ෂය නිහඬව කටයුතු කරන බවත් එය දුර්වලකමක්  ලෙස තේරුම් අරගෙන යම්කිසි පිරිසක්  ක්‍රියාකලොත් එය පාලනය කිරීමට  එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම  ක්‍රියා කරන බවද  අබේවර්දන මහතා කියා සිටියේය.
 
ජනාධිපතිවරණයෙන් පසුව රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ ඇතැම් පිරිස් වැරදි ලෙස අරථකතනය කරමින් සිටින බවත් ඉදිරි මාධ්‍ය සාකච්ඡාවේදී  පක්ෂ මහලේකම්වරයා විසින් එම   තීන්දු තීරණ ලිඛිතව මාධ්‍ය වෙත නිදහස් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (13)

වෙනත් පක්ෂයකට ගියොත් එජාපයේ සියලු දේ අහෝසියි

Kumara Wednesday, 11 March 2020 10:54 AM

අනේ ඔයාගේ පක්ෂ සාමාජිකත්වය.. මගේ රටට වෙලා තියෙන දේ දැක්කම... පාරෙදී අහුවුණොත් මිනිස්සුන්ට තනියම, රඟලා පෙන්නයි නාට්‍ය.. ඒක ඔබට තිබුණත්, නැතත් අපිට නම් වගේ වගක් නැත...

:       20       268

විනිවිද Wednesday, 11 March 2020 11:02 AM

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් කිසිදිනෙක පක්ෂය ඇත හැර යන්නේ නැත. පක්ෂයේ මතයට ඔවුන් ගරු කර තිබේ . කිහිප දෙනෙකුගේ අවස්ථාවාදීව තනතුරු සදහා ඇති බල ලෝබය වෙනුවෙන පක්ෂය විනාශවීමට හෝ බිදී යාම සිදු නොවනු ඇත. වසර 15 පමණ සිට තිබෙන්නාවූ මෙම කරදරය අවසන් කිරීමට ගන්නාවූ තීරණයට අපගේ සහයෝගය. මෙය බොහෝ කලකට පෙර සිදුකල යුතුව තිබු දෙයකි. ජේ.ආර් ජනාධිපතිතුමා හිටියනම් කියා අද පාක්ෂිකයින් කියන්නේ එම නිසාය.

:       177       323

HemanthaThursday, 12 March 2020 08:52 AM

පක්ෂය, ලකුණ, පාට වැදගත් නැහැ. රනිල් සහ ඔහු වටේ සිටින කිහිප දෙනෙකු පක්ෂයේ ව්‍යවස්ථාවට මුවාවී පක්ෂයේ පමණක් බලය තබාගෙන සැමදා විපක්ෂයේ සිටීමට කැමති. මොකද ඒ අයට සියලු වරප්‍රසාද අර කල්ලියෙන් ලැබෙන නිසා. නමුත් බහුතරයක් පාක්ෂිකයන්ට රනිල් සහ ඔහුගේ ගෝල බාලයන් එපාවී ගොඩක් කල්. මේ පිරිස එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙනතුරු පාක්ෂිකයන්ට තියෙන එකම විකල්පය සජිත්ට සහය දීමයි.

:       0       125

don kuru Wednesday, 11 March 2020 11:33 AM

දැන් එක්සත් ජාතික පක්ෂය කියලා එකක් තියනවද? දැන් තියෙන්නේ රනිල් පක්ෂය විතරයි.

:       207       454

Wasudewa Wednesday, 11 March 2020 12:57 PM

මේ වජිර අබේවර්ධන කියන්නේ රනිල්ගෙයි, රාජපක්ෂලාගෙයි දෙපැත්තේම කෙනෙක්... මේක මුළු රටම දන්නවා. රනිල්ට පන්දම් අල්ලලා සජිත්ගේ නායකත්වයට විරුද්ධව ගේම් ගහලා එජාපයට සජිත්ගේ නායකත්වයත් නැති කළා. මේ රනිල් එක්ක වජිර ඇතුළු හොර නඩේ සමග ජනබලවේගයට ගන්නම එපා. සජිත්තුමෝ... ඔබ වෙනම ගමනක් යන්න. ජයනියතයි.

:       162       944

Rohana Wednesday, 11 March 2020 01:35 PM

මේ සැරේ එජාපයට වෙන්නේ SLFP එකට සිදුවුණු දෙයමයි.

:       72       421

Devinda Uduwara Wednesday, 11 March 2020 05:31 PM

එක්සත් ජාතික පක්ෂයේ නීති රීති එහි සාමාජිකයන් විසින් අනුගමනය කළ යුතුය.

:       0       1

Perera Wednesday, 11 March 2020 05:37 PM

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන තත්වයට සම්පූර්නෙන් වගකිව යුත්තේ මූලිකව රනිල් ඉන් පසුව ඔහු වටේ සිටින අඳබාලයෝ ටික දෙනා.

:       0       22

Raveendra Thursday, 12 March 2020 01:55 AM

පිංවත් සුන්දර මුණ දුටුවිට අවංකවම රටට ආදරය කරන පුරවැසියකුට කුමන අදහස් හිතට පැමිණේද යන්න දැනගනුමට කැමැත්තෙමු.

:       0       1

vidya Thursday, 12 March 2020 02:20 AM

70 පැනපු ඔක්කොම පැන්ෂන් යා යුතුතුය. තරුණ තරුණයින්ට අවස්ථාව දීමට කාලය ඇවිත් ඇත.

:       0       107

lalithm Thursday, 12 March 2020 02:46 AM

සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ ෆෙඩරල් පක්ෂය....... එක්සත් ජාතික පක්ෂය .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය... මේ පක්ෂවල ඉරණම අනාගතයේදී ඉතිහාසයේ සඳහන් වෙනවා ඇති.

:       5       0

kamal Thursday, 12 March 2020 03:17 AM

වෙන පක්ෂයකට නොගිහින් වෙන පෙරමුණකට ගියොත් කොහොමද...?

:       0       0

pradeepa Thursday, 12 March 2020 05:19 AM

වජිර, අකිල, ඔබගේ යුඑන්පි එක සජිත් ට වඩා ඡන්ද ගන්නවාද, එහෙම ගන්ඩ බැරි වූනොත් අපි ඔබලාට දෙන දඩුවම මොනවගේද වෙන්ඩ ඕන.

:       0       130

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site