IMG-LOGO

විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන අප්‍රේල්

විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ‍්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

ඉකුත් වසරේ අයවැයෙන් මෙම විශ‍්‍රාම වැටුප ලබා දීම යෝජනා වූ අතර එහි කටයුතු කෙරෙමින් පවතින බවද අමාත්‍යවරිය කීවාය.

තමන් අධිකරණ අමාත්‍යවරිය ද වන නිසා එහි නීතිමය කටයුතු දැන් වඩාත් පහසු වී ඇතැයි කී අමාත්‍යවරිය සමහර කටයුතුවලට යම් කාලයක් යන්නේ යැයි ද කීවාය.

විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යංශයේ වෙනම අංශයක් ඇති කරන්නට කටයුතු යොදන බව ද අමාත්‍යවරිය පැවැසුවාය.

කෙසේ වෙතත් මේ  විශාම වැටුප සඳහා දායක විය හැක්කේ ලියාපදිංචි වී විදේශ ගත වන අයට පමණක් වනු ඇති බවත් නීති විරෝධී අන්දමින් රට යන කිසිවෙකුට ඊට දායක විය නොහැකි වන බවත් ඇය කීවාය.

අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද(17) පැවැති වන්දි මුදල් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහි දී ලියාපදිංචි වී විදේශ ගත වී මරණයට පත්වූ හා විවිධ කරදරවලට මුහුණ දුන් 19 දෙනෙකු වෙනුවෙන් රුපියල් 60,00,000 කට අධික මුදලක් ප‍්‍රදානය කරන ලදී. 



අදහස් (18)

විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන අප්‍රේල්

nimal madawala Friday, 17 November 2017 12:02 PM

ගරු ඇමතිතුමිය, වැඩේ නම් ගොඩක් හොඳයි. නමුත් වැඩේ නොවුණත් කමක් නැහැ. බොරුනම් කරන්න එපා. ඒ වගේම ගෙවීම් කරන ආකාරයත් සඳහන් කරන්න.

:       73       20

A.L.A.N.P. ABEYSINGHE Friday, 17 November 2017 12:18 PM

හුඟක් හොඳ දෙයක්.. එය සිදු වෙනවා නම්..

:       27       8

V. Warnakulasuriya Friday, 17 November 2017 12:19 PM

බලයට එන කවුරුත් විදේශ ශ්‍රමිකන් වෙත දෙන කැරට් කාලා අපට දැන් වමනයට එනතරම්. බොහෝවිට දේශපාලකයන් ජනතාවට බලාපොරොත්තු ලබා දෙන්නේ වගකීමකින් තොරව බව නිතරම පෙනී යන්නකි.

:       101       169

RaveendraFriday, 17 November 2017 02:57 PM

වර්ණකුලසූරිය මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකඟ වන්නෙමු. මේ නිඝණ්ඨයෝ " කැරට් සමග මදුවැල් කැඳ" දීමටත් උපරිම උත්සාහයක් යොදනවා අහිංසක විදේශ ශ්‍රමිකයන් හට....

:       2       156

M.J.M.Fernando Friday, 17 November 2017 01:46 PM

හොඳයි. මුදල් ලබාදෙන පිලිවෙල කුමක්ද? ලබාගන්නේ කොහොමද?

:       0       40

PENTION ????? Friday, 17 November 2017 03:30 PM

විහිළුවකි !!! ඡන්දය ලඟ එනවා...

:       1       92

NuwanSaturday, 18 November 2017 06:09 AM

අනේ අප්‍රේල් එනකන් ඉන්න වෙනවද? පව් ඡන්දෙට පස්සේ වෙන්න ඇති ඕක කෙරෙන්නේ !!!

:       96       51

Perera Friday, 17 November 2017 03:49 PM

සීමන්වරයෙකුගේ විශ්‍රාම වැටුප් ගැනත් වාර්තාවක් දෙන්න..

:       0       16

raheem Friday, 17 November 2017 06:12 PM

මේ සිංදුව දැන් අවුරුදු කීයක් විතර එතෙර ඉන්න අපි අහගෙන ඉන්නවද ?

:       0       1

Bamunuarachchi Friday, 17 November 2017 11:53 PM

රජයේ සේවකයින්ටත් විශ්‍රාම වැටුපක් දෙන්න. ඔවුන්ගේ වැටුපෙන් ප්‍රතිශතයක් දායක මුදලක් හැටියට ගන්නවා. විදේශ රැකියා කරන අයට විශ්‍රාම වැටුපක් දෙන්නේ එහෙම දායක මුදලක් අයකරගෙනද? මේක අමූලික බොරුවක්... රැවටෙන්න එපා...

:       0       5

bamunuarachchi Saturday, 18 November 2017 12:21 AM

"විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ‍්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය." "විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යංශයේ වෙනම අංශයක් ඇති කරන්නට කටයුතු යොදන බව ද අමාත්‍යවරිය පැවැසුවාය." "කෙසේ වෙතත් මේ විශාම වැටුප සඳහා දායක විය හැක්කේ ලියාපදිංචි වී විදේශ ගත වන අයට පමණක් " තාම ලියාපදිංචි කරගෙනත් නැත. මේ සම්බන්ධව කටයුතු කරන්න විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යාංශයක් තවම පිහිටුවා ගෙනත් නැත. නමුත් තව මාස 6 කින් විශ්‍රාම වැටුප ගෙවන්නත් ලැහැස්තිලු. රජයේ සේවකයත් විශ්‍රාම වැටුපක් ගන්න අවුරුදු 10 සිට 35 පමණ කාලයකට වැටුපෙන් දායක මුදලක් ගෙවනවා. නමුත් ඒ කිසිවක් නැතිව විශ්‍රාම වැටුපක් විදෙස් ශ්‍රමිකයාට ගෙවනවාලු. දේශපාලකයන්ගේ කීමට රැවටෙන ලක්ෂ 120 ක් ඉන්න මේරටේ ඔය කතාවලට රැවටෙන මිනිස්සු නැද්ද? මේ අය කියන දේවල් තර්කානුකූලව හිතපල්ලකෝ.

:       0       105

Chandra Saturday, 18 November 2017 02:55 AM

නාවික කටයුතුවලටත් මෙය වලංගු විය යුතුයි.

:       0       32

PA-RA Saturday, 18 November 2017 03:19 AM

ඕක කියලා එකඑක කට්ටිය අපිව රැවැට්ටුවා. මුලා කළා. අවුරුදු 28ක් එකදිගට විදේශසේවා ගාස්තු ලියලා මුදල් ගත්තා. අපිට නම් වුණු මොනම සෙතක්වත් නැහැ හැබැයි පඩිගත් සැණින් ලංකාවට ගත්තු මුදල් එව්වා. ඒ මදිවට යුද්ධයේදී සල්ලි එවන්න ඔවුන් මුදල් මාරු නොකිරීම නිසා දරුවන්ගේ පාසල් කටයුතු වලට මුදල් අවශ්‍ය නිසා අවුරුද්දේ මුල නිසාත් බැංකුවෙන් මුදල් වෙනුවට දෙන රත්රන් ග්‍රෑම් 50 බිස්තට් එකත් ආණ්ඩුවෙන් බලෙන් ගත්තා. ළමයින් එදා අතරමං වුණේ බඩගින්නේ සහ පාසල් උපකරණ නොමැතිව... ඔන්න මානව අයිතීන් වන ලංකාවේ නීතිය.

:       0       3

ධම්ම Saturday, 18 November 2017 03:51 AM

අපි රට එන කාලයේ ලියාපදිංචියක් තිබුනේ නැහැ. නමුත් මෑත කාලයේ සිට විදේශසේවා කාර්යාංශයට ගෙවා ලබාගත් ස්ටිකරයක් අපේ පාස්පෝර්ට් එකේ තියෙනවා. එයද ඔය කියන ලියාපදිංචිය?

:       0       7

මිඝාර. Saturday, 18 November 2017 05:22 AM

විදෙස් සේවය අවසන්කර පැමිණි අයට මෙය ලබාගත හැකිද? මේ සඳහා අරමුදල් සපයා ගන්නේ කෙසේද?

:       0       3

prabash Saturday, 18 November 2017 11:16 AM

මේ විහිළුව ඉස්සෙල්ලම කලේ මහින්ද රාජපක්ෂගේ කාලයේ. ඡන්දය කිට්ටු නිසා දැන් විහිළු කරනවා. හරිම නරකයි.

:       0       57

rama Saturday, 18 November 2017 03:04 PM

අපි ඡන්දේ දෙන්නම් විශ්‍රාම වැටුප දුන්නාම...

:       0       3

Bamunuarachchi Saturday, 18 November 2017 05:31 PM

හිතුමතේ විශ්‍රාම වැටුප් දෙන ක්‍රමයක් නැත. විදෙස් රැකියාවට ගිය ඒගොල්ලෝ, මමත් ඇතුළුව, හම්බකළා. නමුත් අපිට විශ්‍රාම වැටුප ගන්න විශ්‍රාම මුදලට දායක වුණේ නැත. එහෙමනම් කොහොමද අපිට විශ්‍රාම වැටුපක් හම්බවෙන්නේ? මේක මොන මනස්ගාත කතාවක්ද? ඕකට මහින්ද මහතාට හෝ සිරිසේන මහතාට බැණලා වැඩක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 109 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 502 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 265 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site