IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොලේ

(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබී තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ .‍ෙමෙම පාර්සලය ඉකුත් ජූලි මස 13 දින කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් වෙත , පරිගණක උපාංග ලෙස සදහන් කරමින් එවා තිබුණි .

කිසිදු හිමිකරුවෙකු මෙම පාර්සලය භාර ගැනීමට මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ආනයන ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත නොපැමිණීම නිසා ඊයේ(11 )  රාත්‍රී ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් , මෙම පාර්සලය විවෘත කර , පරීක්ෂා කිරීම සිදු කෙරුණි .එහිදී එම පාර්සලය තුළ , තවත් පෙට්ටි 08 ක් තුළ ඇසුරූ , විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි එක් ලක්ෂ හැට දහසක ප්‍රමාණයක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .



අදහස් (0)

විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site