
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී ටොම් සෝපර් යන මහත්වරු පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.
මෙම සුහද සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාද සහභාගී විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සමීපව කටයුතු කරන එක්සත් රාජධානියේ සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ දායකත්වය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ඇගයීමට ලක්විය.
එලෙස දුන් සහයෙන් ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවූ බවත් සෑම අවස්ථාවකදීම දක්වන්නාවු නොමද සහයෝගයට කෘතඥතාව පළ කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම , පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සඳහාද එම සහයෝගය බලාපොරොත්තු වන බව කුලරත්න මහතා තවදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
368
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට