IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විදුලිය බිඳවැටී ඇත්තේ විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන්

(අජන්ත කුමාර අගලකඩ)

දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙරවලපිටිය උප බලාගාරයේ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වූ බවත් ඒ හේතුවෙන් මුළු රටටම පැය හයකුත් විනාඩි 16 ක් විදුලිය නොමැතිව තිබූ බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අත්පොතක් හෝ නොමැතිවීම ගැටලුකාරී තත්ත්වයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

දිවයිනපුරා ඉකුත් 17 වැනිදා ඇතිවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට විදුලි බල අමාත්‍යාංශයෙන් පත්කළ නම දෙනෙකුගෙන් යුතු කමිටු වාර්තාව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට ඉකුත් 24 වැනිදා බාරදුන් අතර ඇමතිවරයා එම වාර්තාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කළේය.

එම වාර්තාව සිකුරාදා (28) දිනයේ ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතව ඇතැයිද දැනගැනීමට තිබේ.

 

 

 

 

 



අදහස් (32)

විදුලිය බිඳවැටී ඇත්තේ විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන්

Prabha Wednesday, 26 August 2020 05:13 PM

ඕක දැනගෙන තමා ඇමැතිකමින් අස්වෙන කතාව කිව්වේ.

:       3       117

SankaFriday, 28 August 2020 08:43 AM

වාර්තාව ආවා විතරයි... කෝ මේ ඩලස්..? දඩාස් ගාලා හැංගුණා. මේක තමයි ලංකාවේ පොලිටික්ස්වල හැටි... බොරු ටෝක්ස් දීලා නිකන් පල්වෙනවා..

:       0       229

Raveendra Wednesday, 26 August 2020 06:27 PM

"මෙම කමිටුවේ වාර්තාව නිවැරදි නම්" අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් ඉහළටම ඉගෙන ගෙන ඒ මහජනතාවගේම බදු මුදලින් ඉහළ වැටුප් ලබමින් ජීවත්වූ මෙම නිලධාරියා කෙසේ මුළුරටක් පැය කීපයකට හෝ අඳුරු කරේද? කුමක් අරබයාද යන්න නම් ගැටලුවකි. මෙම නිලධාරියා එම වරදට වැරදිකරු නම් දඬුවම් කළ යුතු බව අප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙමු.. "මොහු" කිසිඳු අයුරකින් මෙම තනතුරේ තිබිය යුතු නැත. මක්නිසාදයත් පැය කීපයකට හෝ තමන් උපන් තමන්ගේ මව්බිම අඩපණ කිරීම හා තමන් උපන් රටට ද්‍රෝහියකු වීමයි. අප තරයේ විශ්වාස කරනවා මෙම සිදුවීම එක එක මූසල පක්ෂවල ගිණුමට කිසිදු අයුරකින් බැර නොකොට නිසිලෙස නිවැරදි පිළිතුරු ලබාදිය යුතුය යන්නයි.

:       102       165

බද්රානි Wednesday, 26 August 2020 07:09 PM

ඉතින් එහෙම කෙනෙකුව හුරතල් නොකර කෙලින්ම සේවයෙන් පහ කිරීමයි කළයුතුව ඇත්තේ.... කුමන සුදුසුකම් තිබුණත් කිසිම ආයතනයක රැකියාවකට සුදුස්සෙක් නොවෙයි ඒ පුද්ගලයා. නමුත් ඉතින් ලෝකෙන් උතුම් රටේ සම්ප්‍රදාය අනුව, ඔහුට උසස් වීමක් දෙන්නත් බැරි නැහැ..

:       0       104

Nihal Wednesday, 26 August 2020 09:26 PM

අපි දැනගෙන හිටියා පොඩි මිනිහෙකුගේ වැඩක් කියලා...

:       0       59

විජේ Thursday, 27 August 2020 12:53 AM

මීට කලින් පාරකත් රනිල් රජයක් පෙරලී මහින්ද රජයක් ආ ගමන් මේ දේම සිද්දවුණා වගේ මතකයි..

:       38       4

විජේ Thursday, 27 August 2020 02:49 PM

මට නිකං එහෙම මතකයක් වගේ තිබුණා. ඒකයි කිව්වේ. ඒත් මට පේන්නේ මම වැරදි. රනිලාස් කියලා නෙවේ කරන්ට් එක ගිහින් තියෙන්නේ, ඩලාස් කියලා.

:       0       149

Bamunuarachchi Thursday, 27 August 2020 12:55 AM

මතක ඇති කාලෙක නොවූ මෙම සිද්ධිය නොසැලකිල්ල නිසා, නොව වැරදීමකින් වුණා කියා සිතන්න බැරිද? නොසැලකිල්ල කියා මෙම සිද්ධියෙන් කෝන්තර පිරිමහගන්න ලෑස්තිවෙන්න එපා.

:       1       8

නවරත්න Thursday, 27 August 2020 01:21 AM

මේවාට අපි මොනවා කියන්නද තේරෙන්නේ නෑ. දැන් බලයේ ඉන්න අය විපක්ෂයේ ඉද්දි මේක වුණා නම් කෑගහයි. මේක ආණ්ඩුවේ අසමත්කම.. ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනේ කියලා. දැන් වැරැද්ද එක මිනිහෙක්ගේ පිටින් තියලා ඔක්කොම ඇඟ බේරාගන්නවා. ඔච්චර ලොකු තැනක නඩත්තුව ගැන වාර්තා පොතක් නැති නම් මෙච්චර කල් ඕක වැඩකරලා විදුලිය දුන්න එකම ඊටත් වැඩිය පුදුමයක්... එක රටක්, එක නීතියක් කියලා බලය ගත්ත රටේ ආරක්ෂාව අනතුරේ කියලා බලය ගත්ත මේ අය දැන්ම මෙහෙම නම් 69 ලක්ෂයට විතරක් නෙමෙයි, රටේම මිනිස්සුන්ට අබ සරණයි. කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි මෙයාලා කොහොමද නීති රකින්නේ? නිල්ද, කොළද, රතුද නෙමෙයි ප්‍රශ්නේ. මේ විදියට මිනිස්සු ගොනාට අන්දවන එකයි. කවුරු බලයේ උන්නත් ඒ අය මිනිස්සු පත් කරවන්නේ ඔහොම වගකීමක් නැතුව වැඩ කරන්න නෙමෙයි..

:       566       1205

Asanga Thursday, 27 August 2020 01:59 AM

අනිතිමට බලලා මල්ලෙන් පැන්නා වගේ. උපරිම දඬුවම් දියයුතුයි. මොකද මේක හරියට මාෆියාවක් වුනා.

:       0       1

Rohana Thursday, 27 August 2020 02:25 AM

මෙන්න වෙලාව පොරොන්දු ඉටුකරන්න. ඉල්ලා අස්වීමට ඩලස් ඇමතිවරයාට වෙලාව ඇවිත්.

:       86       178

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 27 August 2020 02:41 AM

මේ කතාව සත්‍යක් නම් මේ විදුලි අධිකාරිවරයා සිදුකොට ඇත්තේ සමාව දිය නොහැකි විශාල වරදක්. හොඳ විදුලි අධිකාරිවරු ඇති. ඒත්, අහංකාර කම හා උද්දච්ච කම ඔළුවට ගත් විදුලි අධිකාරිවරුන් සිටිනවා.

:       34       159

SISIRA Thursday, 27 August 2020 02:42 AM

එතකොට දැන් ඇමති අස් වෙන්නේ නැද්ද.?

:       26       413

NihalThursday, 27 August 2020 04:31 AM

විදුලි අධිකාරිවරයා තමයි අස්වෙන්න ඕනෑ. මේ රටේ කවදාද ඇමැති කෙනෙක් අස්වුනේ?

:       0       105

janahitha Thursday, 27 August 2020 11:05 AM

නැත. අදාළ අංශය බාර ඉංජිනේරුවා වගකිව යුතුය. ඔහු තම සේවකයන්ට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන, පුහුණුව ලබාදී නැහැ.

:       0       34

kamal Thursday, 27 August 2020 02:43 AM

ස්ථාන මාරුවක් දෙයි නේද.?

:       0       6

an di ti api Thursday, 27 August 2020 03:31 AM

සම්පුර්ණයෙන් වැරදි තීරණයක්, විදුලි ඉංජිනේරුවරයා වගකිව යුතුය, විදුලි අධිකාරී යනු කාර්මික නිලදරියෙකි.

:       0       410

AkilaThursday, 27 August 2020 04:13 AM

අනිවාර්යයෙන්ම !, වගවීම තියෙන්නේ විදුලි ඉන්ජිනේරුවට, ඔහු පහල කෙනෙකු පිට වරද පටවා ඇඟ බේරගන්න හදන්නේ...

:       0       119

gamini Thursday, 27 August 2020 03:33 AM

කවුද වගකීම අරගෙන ඇයින් වෙන්නේ.

:       8       114

JAYATH Thursday, 27 August 2020 04:01 AM

මේක මෙහෙමවෙන බව අපි කලින්ම දැනගෙනයි උන්නේ.

:       0       279

janahitha Thursday, 27 August 2020 11:21 AM

ඔබ අත්අඩංගුවට පත්වේවී... වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන...

:       0       0

Pasku Thursday, 27 August 2020 04:04 AM

පාස්කු කොමිසම මතක් වූනේ මට විතරද.?

:       0       3

wedge Thursday, 27 August 2020 04:55 AM

පහත් තැනින් යයි ගලා ජලේ වගේනේ...

:       0       51

badraani Thursday, 27 August 2020 05:06 AM

අපි ඔක්කොම කලබල වෙන්න ඉස්සෙල්ලා මේක අපක්ෂපාතී පරීක්ෂණයක්ද කියලා දැනගැනීම හොඳයි නේද?

:       0       13

de silva Thursday, 27 August 2020 05:24 AM

අනිවාර්යයෙන්ම විදුලි අධිකාරිවරයා විදුලි මාෆියාවට සම්බන්ධ කෙනෙක්, විදුලි අධිකාරිට ස්ථාන මාරුවක් දීලා ප්‍රශ්න යටගහවි.

:       0       81

Bamunuarachchi Thursday, 27 August 2020 10:35 AM

මෙතනට අදාළ නැති දෙයක් මතක් වෙලා තිබෙන්නේ ඔබට පමණයි වගේ..

:       107       0

janahitha Thursday, 27 August 2020 10:58 AM

විදුලි මාෆියාව පවතින්නේ ඉංජිනේරුවන් අත මිසක් කාර්මික නිලධාරීන් අත නොවේ..

:       0       69

janahitha Thursday, 27 August 2020 11:02 AM

විදුලි කණු උඩ සේවකයන් මිය යන්නෙත්, ජනතාව අනතුරට පත්වෙන්නෙත් ඉංජිනේරු මාෆියාව නිසා සේවය පැහැර හරින, අත්දැකීම් නැති ඉංජිනේරුවන් කිහිප දෙනෙක් නිසා ආයතනයම අවමානයට ලක්වෙනවා. පළමුව අදාළ ඉංජිනේරුවා නීතිය ඉදිරියට ගෙන ආ යුතුමය.

:       0       156

janabala Thursday, 27 August 2020 11:27 AM

පාඨලී හිටියා නම් කමිටු දමන්නේ නැහැ. වගකිව යුතු ඉංජිනේරුවරුන් පළමුව, දෙවනුව සේවකයන්... වරද වුණු තැන හඳුනා ගන්න පුළුවන්. මොරටුව විදුලි ඉංජිනේරුවෙක් නිසා නමුත් දේශපාලන මාෆියාව ඔහුට පහර දුන්නා.

:       20       140

kamalFriday, 28 August 2020 07:34 AM

පාඨලීගේ පුද්ගලික ජීවිතය කෙසේවෙතත්, ඔහු මම දන්න විදිහට දක්ෂලෙස ඉංජිනේරු විභාගය සමත් වී, උපාධියෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.. මේ නිසාම තමයි මේ වගේ අයව ඇතුළට දාන්න වලිකන්නේ...

:       0       103

de silva Thursday, 27 August 2020 10:46 PM

අගමැතිතුමනි, පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරනවා. ඔහු පාලනය කරන කොට විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවා. වෙන ඇමැතිවරු පාලනය කරන කොට පාඩු ලැබුවා කියලා. මෙම ප්‍රකාශය සත්‍යක්ද? මෙය සත්‍යයක් නම් විදුලි බල මණ්ඩලයේ පාඨලී ඉන්නකොට ලාභ ලබන්නෙත් නැති විට පාඩු ලබන්නත් හේතුව කුමක්ද කියලා සොයලා බැලුවා නම් හරි.

:       0       62

Nimal Friday, 28 August 2020 08:22 AM

රාජකාරියේ අවදානම අනුව වගකීම පහළ සිට ඉහළට බෙදී යායුතුවීම රාජකාරියේ අනිවාර්ය අංගයක් වේ. විදුලි අධිකාරිවරයකුගේ නොසැලකිල්ලේ ප්‍රතිඵලය මගින් මුලුරටේම විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකිබව ප්‍රධානීන් පිළිගන්නේ නම් එවන් කාර්යයක් විදුලි අධිකාරිවරයෙකුට බාරදී පසෙකටවී සිටීම.. ඔහුට එම කාරිය සඳහා වගකීම පවරා බලා සිටී.. ඔහුට ඉහළ නිලධාරින්ගේ නොසැලකිල්ල නොවේද? ඔවුන් හට නොසැලකිල්ල යන වරද යටතේ ලැබෙන දඬුවම කුමක්ද?

:       0       280

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site