IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වෛද්‍ය හමු සහ සංනිවේදන ක්‍රියාවලියේදී රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයෙන් වැදගත් කාර්යභාරයක්

වෛද්‍ය හමු සහ වෙනත් පොදු තොරතුරු ගැන විමසමින් හමාඞ් රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයකට දිනකට දුරකථන ඇමැතුම් 1,700ක් පමණ ලැබෙන බව එහි උසස් නිලධාරියෙක් පවසයි.


මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබුවේ රෝගීන්ට සිය වෛද්‍ය හමු කළමනාකරණය කරගැනීම සහ ඍජුවම හමාඞ් වෛද්‍ය සංස්ථාව සමග සබඳතාවයක් ගොඩනගාගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා බවද හමාඞ් සෞඛ්‍ය තත්ත්ව ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන තත්ත්ව නිලධාරී සහ සම අධ්‍යක්ෂවරයාදවන නාසර් සයීඞ්අල් නයිමි ය. 


“මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබුවේ පොදු තොරතුරු පිළිබඳව කෙරෙන විමසීම්වලට පිළිතුරු ලබාදීම සහ රෝගීන්ට ඔවුන්ගේ වෛද්‍ය හමු වඩාත් පහසුවෙන් ස්ථීර කරගැනීම, නැවත සැලසුම් කිරීම සහ අවලංගු කිරීමේ අවස්ථාවක් ලබාදීම සඳහායි” යනුවෙන් අල් නයිමි පවසයි.


“එසේම රෝගීන්ට ඔවුන්ගේ වෛද්‍ය හමුවට දින පහකට පෙර හමාඞ් රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයෙන් සිහිකැඳවීමේ ඇමතුමක් ලැබෙනවා. එසේම වෛද්‍ය හමුවට දිනකට පෙර කෙටි පණිවුඩයක් මගින් ඒ බව සිහිපත් කෙරෙනවා” යනුවෙන් ඔහු පෙන්වාදෙයි.


රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානය දිනකට ඇමතුම් 3,650ක් පමණ ලබාගන්නා අතර එය මේ වනවිට හමාඞ් වෛද්‍ය සංස්ථාව සහ එහි රෝගීන් අතර සන්නිවේදනය ගොඩනගන වැදගත් මාධ්‍යයක් බවට පත්ව ඇත.


“4439 5777 දරන අංකය යටතේ මේ මධ්‍යස්ථානය ආරම්භ කළේ 2011 අවුරුද්දේ. දිනපතාම විවෘතව තැබෙන මෙම මධ්‍යස්ථානයේ රෝගීන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා 225ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරනවා” යැයි අල් නයිමි පවසයි.



අදහස් (0)

වෛද්‍ය හමු සහ සංනිවේදන ක්‍රියාවලියේදී රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයෙන් වැදගත් කාර්යභාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site