IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘විද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීමේ අසාධාරණයක්‘

2013 උසස් පෙළ ප්‍රතිඵල මත 2016 වසරේ විද්‍යාපීඨ 19කට සිසුන් බඳවා ගැනීමේදි රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබපු ඉහළම ඉසෙඩ් අගයන් ලබපු දරුවන් විශාල ප්‍රමාණයකට අසාධාරණයක් සිදුව ඇති බවත් මේ අසාධාරණය පිළිබඳව දිගින් දිගටම අධ්‍යාපන බලධාරීන්ට අභියාචනා කළ නමුත් කිසිදු සධාරණයක් සිදුව නැති බවත් ලංකා ගුරුසේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ පැවසීය.

2013 වසරේ උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබා ගත් සිසුන් මෙවර ජාතික අධ්‍යාපන පීඨ වලට බඳවා ගැනීමේදි ඉහළ සුදුසුකම් ලැබු සිසුන්ට විද්‍යාපීඨ අහිමි වීමට එරෙහිව එම සිසුන් හා දෙමාපියන් අද (27) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයකට එක්වූ අවස්ථාවේ ඔහු ඒ බව කීවේය.

‘අපිට බරපතල සැකයක් තියනවා මේ විද්‍යාපීඨ බඳවා ගැනීම් ඇතුලේ බරපතල ලෙස දේශපාලන මැදිහත් වීම් තියනවද කියලා. ඒ වගේම යම් මුදල් ගනුදෙනු තියනවද කියලා. මොකද සමහර තැන් වල ප්‍රකාශ කරලා තියනවා බඳවා ගන්න නම් ගිහිල්ලා ඇමැති මුණගැහෙන්න කියලා.මේ නිසා අපිට බරපතල සැකයක් තියනවා ඉතිහාසයේ කවදාවත් නැති විදියට යහපාලන ආණ්ඩුවෙන් විද්‍යාපීඨ වලට බඳවා ගැනීමත් දේශපාලනිකරණය කළාද කියලා‘ යැයි ද ඔහු කීවේය.
widyapita_20164271 widyapita_20164272 widyapita_20164273



අදහස් (0)

‘විද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීමේ අසාධාරණයක්‘

චතු මධුමාලි Thursday, 28 April 2016 07:22 AM

ඇත්තටම අසාධාරණ විදියට බඳවා ගැනීම් සිදුකරලා තියෙන්නේ.සුදුසුකම් තිබුණත් සමහර විෂයන්වලට ප්‍රාදේශිය කොට්ඨාශ වලින් එක්කෙනෙක්වත් තෝරාගෙන නෑ.අධ්‍යාපනයට මෙහෙම වෙනවානම් යහපාලනයත් එක්ක තියෙන රටට මොනවා වෙයිද. (බ)

:       6       5

ලංකා Wednesday, 27 April 2016 11:06 AM

නියම යහ පාලනය අර විදුහල්පති විභාගය සමත් වුන අයට සම්මුඛ පරීක්ෂණ තිබ්බා මොනවා වුනාද කියලා කවුරුත් දන්නෑ.. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site