
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට එක්තරා දේශපාලන පක්ෂයක කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂිකාවක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර එම අපේක්ෂිකාවගේ බෑනා සහ තීරෝද රථ රියදුරකු වන සැමියාද වන බව පොලිසිය කියයි.
සමාජ මාධ්‍යයෙන් දැන හඳුනා ගැනීමෙන් පසු සම්බාහන කටයුත්තක් සඳහා බම්බලපිටිය රජයේ මහල් නිවසකට ඉකුත් 8 වෙනි දීන පැමිණි තිබූ වෛද්‍යවරයා එම කටයුත්ත සඳහා සූදානම් වීමේදී යාබද කාමරයක සැඟව සිටි සැකකරුවන් තිදෙනකු උල් පිහියක් රැගෙන එම ස්ථානයට කඩා පැන ජංගම දුරකථනයෙන් වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර බිය ගන්වා මුදල් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
ඊට බිය වූ වෛද්‍යවරයා ඔන්ලයින් මාර්ගයෙන් කොල්ලකරුවන් ලබා දුන් ගිණුමකට රුපියල් ලක්ෂ 10 ක මුදලක් බැර කර ඇති අතර වෛද්‍යවරයා සන්තකයේ තිබූ රුපියල් 15000/= ක මුදලක්ද කොල්ලකරුවන් බලහත්කාරයෙන් ලබාගෙන තිබූ බවද පොලිසිය කියයි.
ඒ අයුරින් පැයකට ආසන්න කාලයක් එහි රඳවාගෙන සිටි වෛද්‍යවරයාව කොල්ලකරුවන් මුදා හැර ඇති අතර එදිනම රාත්‍රියේ නීතිඥවරයකු සමග පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබිණි.
පැමිණිල්ලට ලද වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවස කරා ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමේදී නිවසේ ඉදිරිපස දොරේ යතුර දක්නට ලැබූ තිබූ අතර නිවසේ කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේදී එම නිවස අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමක් අනුව රුපියල් 3500/= ක මුදලකට දිනකට ලබාගෙන තිබූ බවට අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෛද්‍යවරයාට සුද්දයක් දුන්නැයි අපෙක්ෂිකාව ඇතුළු හයක් මාට්ටු