(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවකයන් හා ගම්වාසින් අතර ඇතිවන්නට ගිය ගැටුමක් වැලැක්විම සදහා එම ස්ථානයට ගිය මදුරන්කුලිය පොලිසියෙ නිළධාරීන් අහසට වෙඩි තැබිමට කටයුතු කිරීමත් සමග ගම්වාසින් හා පොලිසිය අතර උණුසුම් කාරි තත්වයක් හට ගත්තේය.
මහ වැසිත් සමග ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ නිවාස යටවි ජලය බැස නොයාම හේතුවෙන් ඉඩමක් මැදින් ජලය බැස යාමට වැසි තිබු පැරණි කානුවක් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කානුව කපමින් සිටියදී අදාල ඉඩමේ හිමිකරු ඔහුගේ සේවකයින් 20 කට ආසන්න පිරිසක් ට්‍රැක්ටර් තුනකින් යකඩ පොලු,කැති,හා ලී මුගුරු සමග පැමිණ ගම්වාසින් එළවා දැමිමට කටයුතු කර ඇති බව කියයි.
ඉන් පසුව මෙම කජුවත්ත හා පරිසාරිවත්ත ගම්මානවල ජනතාව සමග මෙම සේවකයන් අතර ඇති වන්නට ගිය ගැටුම වැලැක්විම උත්සහ කළ ද එය ව්‍යාර්තවිමත් සමග පොලිසිය අහසට වෙඩි තබා ඇති බව කියයි.
කෙසේ නමුත් කජුවත්ත හා පරිසාරිවත්ත ගම්වාසින් මෙම සිද්දියෙන් පසු පොලිසියට දොස් තබමින් අදාල ඉඩම් හිමියාගේ මුදල් රැගෙන පොලිසිය තමන්ට වෙඩි තැබිමට කටයුතු කළ බව පවසමින් ආවේගශීලි ලෙස හැසිරි තිබේ.
එහිදි ගම්වාසින් කලහාකාරි ලෙස හැසිරි ඇති බව පොලිසිය කියයි.
වෙඩි තැබීමෙ සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර ඇති වූ නොසන්සුන් කාරී තත්වය පාලනය කිරීමට පුත්තලම පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත මුන්දලම පොලිසියෙ නිළධාරීන් පිරිසක් වහාම අදාල ස්ථානයට යවා තත්වය පාලනය කිරීමට කටයුත කර තිබුනී.
ඒ සමග පුත්තලම පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත අදාල ගැටුමට මුල්වු ඉඩම් හිමියාගේ ට්‍රැක්ටර් රථ තුනක් ගම්මුන්ට පහර දීම සදහා සුදානමින් රැගෙන ආ යකඩ බට,කැති,ලි මුගුරු සහ මෙම පහර දීමට පැමිණි බව කියන වතු සේවකයන් පිරිසක් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වතුර හබයකට මුන්දලමේ පුංචි යුද්දයක
බකල ජයා Monday, 02 December 2024 10:16 PM
ට්‍රැක්ටර්, ආයුධ, කම්කරුවෝ අත්අඩංගුවට ගත්ත. වතුහිමියා? රිමාන්ඩ් එකේ ඉඩ තියෙන්න නැතුව ඇති. පව්, පොඩි පොලිසිය.