IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වතුර නැතොත් ඡන්දය නෑ

ඉඳුරුවේ පවුල් තුන්දහස් පන්සීයකට නළ ජලය ඉල්ලා  ඉඳුරුව කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගැමියෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ.

උද්ඝෝෂණය අතරතුරදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැමිණ සාකච්ඡාවක් ඇරැඹිය.

වතුර දුන්නොත් පමණක් එළැඹෙන 29 වැනිදා පළාත් සභා ඡන්දය  දෙන බව උද්ඝෝෂකයෝ කියති.

 

 

 

 



අදහස් (0)

වතුර නැතොත් ඡන්දය නෑ

මෙවන් Sunday, 09 February 2014 05:04 PM

මෙදා පොටේ දෙනවා බැටේ.ඔහොම යං. ඔහොම යං. (නදී)

:       0       0

නිහාල් ජෙනෝවා Sunday, 09 February 2014 05:13 PM

මේක බුදුන් වැඩිය රට. බලන්න මහත්වරුනේ පහුවෙලා හරි මිනිස්සුන්ට මොලේ පෑදෙන හැටි. බුදුබණ ඇත්තයි කියන්නේ මේකට තමයි.(නදී)

:       0       0

නිම් Sunday, 09 February 2014 05:54 PM

මෙය ලියන මම දකුණ පළාත ආරම්බවෙන බෙන්තොට දකුණු පළාත් සභාවට අයිති ඡන්ද දායකයකි ඉදුරුව කියන්නේ ඊලගට තියෙන ගම අපිටත් වතුර එවන්නේ පොලව මට්ටමට පමණි එකත් එවන්නේ කඩින්කඩය ගිය ඡන්දෙ වෙලාවේ අපට වතුර දෙන්න සල්ලිත් වෙන්කළ එත් ගැටලුවට දකුණු පළාත් සභාවට විසදුන් දෙන්න බැරිය අපි හැම ඡන්දෙකිම පොරොන්දු වලට රැවටෙනවා පළාත් සභාව මගින් බෙන්තරට කරපු දෙයක් නැත එතින් අපි ඡන්දෙ දෙන්නේ මොකට ද ? (අ)

:       0       0

සමන්-ඕමානය Sunday, 09 February 2014 07:31 PM

ඕනෑම දේකට කරන මහජන උද්ඝෝෂණ වලදී දැන් දැන් මහා මාර්ග අවහිර කිරීම සිරිතක් වෙලා. තමන්ගේ කිසියම් ප්‍රශ්නයකදී, මහමග ගමන් කරණ සියලු ජනතාව අපහසුතාවයට පත්කිරීම අතිශයින්ම වැරදියි. හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන එන අයට එය මහත් කරදරයක්. තමන්ගේ දුක්ගැනවිල්ල කුමක් වුනත්, මහ මග යන අහිංසක ජනතාවට කරදර කිරීම වැරදි බව ඔවුන්ට වටහා දිය යුතුයි. මෙය කිරීමට හොඳම ක්‍රමය පොලිසිය විසින් ඔවුන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන උසාවිය මගින් දඩ නියම කිරීමයි. කීප තැනකදී මෙය කළහොත්, මෙය ඉබේම නැතිවී යනු ඇත. එසේ නැත්නම්, මේවා පුර්වාදර්ශයට ගෙන, ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වැඩි වෙනු බව සහතිකයි. (අ)

:       0       0

නුවන් Sunday, 09 February 2014 09:26 PM

සමන්, ඔයා ඕමාන් වලම ඉන්න .මෙහෙට ඔය වගේ හිතන අය ඕනේ නැහැ.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 09 February 2014 10:27 PM

මෙම ෆොටෝ දුටුවහම මටපෙනෙන්නේ බංකොලොත් කම වහගන්න අර නිළිය සෙට් කරපු වැඩක්. අපගේ ආනන්ද ස්වාමීන්වහන්ස,ගැමියන්ගේ ගැමිසුවන්ද ඉවසන්න බැරි මෙම මහලොකු නිලියට ඔබ හිතනවද බෙන්තර ඇල්පිටිය හදන්න පුළුවන් කියා. ඉස්සර හිටපු ගසානොකාපු මන්ත්‍රීලටවත් කරන්න බැරිඋන දේවල් මෙය කරයිද? (අ)

:       0       0

සෑම් Sunday, 09 February 2014 11:00 AM

බයවෙන්න එපා. ඕකට ""පොරොන්දුවක්"" සහ ""මුල්ගලක්"" ඡන්දෙට පෙර ලැබේවි. (අ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 09 February 2014 11:00 AM

දැන් ඉන්න ඡන්දදායකින්ට මොලේ තියෙනවා. එ ගොල්ල දන්නවා ඡන්දෙට ඉස්සරවෙලා ගන්න දෙයක් තමයි ලැබෙන්නේ කියල. මොකද ඡන්දෙන් පස්සේ ඔය ඡන්දෙ ඉල්ලන එකෙක් වත් ඡන්ද දායකින්ගේ පැත්ත වත් බලන්නේ නැහැ. (අ)

:       0       0

නුවන් Sunday, 09 February 2014 11:03 AM

ඕකට තම කියන්නේ එකමුතු උනොත් ලෝකෙමේ ජයගන්න පුළුවන් කියල.(අ)

:       0       0

ධම්ම Sunday, 09 February 2014 11:03 AM

එහෙම කරන්න එපා ඡන්ද දායකයිනි. ඔබේ වටිනා චන්දය අපතේ නොයවන්න. මරණ මංචකයේදී වතුර පොදක් ලැබුනොත් මදැයි..(අ)

:       0       0

දයා අලහකෝන් Sunday, 09 February 2014 11:05 AM

වතුර විතරක් ඇද්ද (අ)

:       0       0

දිසා Monday, 10 February 2014 08:25 AM

මෙහෙව් ජනතාවක් කිසිම රටක නැත .(දී)

:       0       0

අරුණ ලන්ඩන් සිට Sunday, 09 February 2014 12:22 PM

හැම චන්දෙ කාලෙටම මේ වගේ උද්ගෝෂණ එනවා අන්තිමට වතුරත් නැහැ උද්ගොෂකයොත් නැහැ. බලපුවම ගමම චන්දෙත් දීල. ආණ්ඩුව චන්දෙත් දිනුම් (දී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 09 February 2014 02:30 PM

නිකම් බොරු සෝබන එපා මාමේ. ඔයාලා චන්දෙ දෙන බව අපි දන්නවා

:       0       0

ජගත් ලියනගේ Sunday, 09 February 2014 04:09 PM

ඡන්දය නොදී සිටීම නොවෙයි කල යුත්තේ විරුද්ද පක්ෂයේ කෙනෙක්ටයි දාන්න ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site