IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘වත්මන් පාලනයත් වත්මන් සමාජ ක්‍රමයත් පරදවමු‘

‘ලංකාවේ මේ මොහොතේ මතුව ඇති අතිශය බරපතල සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද? ඒ, අන් කිසිවක් නොව ලංකාවේ ධනවාදයට මෙරට ජනතාව වෙනුවෙන් කිසිවක් අලූතින් නිර්මාණය කළ නොහැකි බවත් මෙම දුබල ධනපති ක‍්‍රමය වෙනස් කළ යුතු බවත්ය. බංකොලොත් ධනවාදය වෙනුවට නවීන සමාජවාදී සමාජයක් සඳහා නව සමාජ පරිවර්තනයක අවශ්‍යතාවය මේ මතින් යළි යළිත් අවධාරණය කෙරෙමින් තිබේ.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මෙයට අවුරුදු 130කට පෙර ධනවාදයේ කුරුරි පීඩනයට හා ශ‍්‍රම සූරාකෑමට එරෙහිව පැය 08ක වැඩ දිනයක් ඉල්ලා අරගල කොට ඒ වෙනුවෙන් දිවි පිදූ චිකාගෝ කම්කරු විරුවන්ගේ සටන සිහිගන්වමින් මැයි 01වැනිදා ලෝක කම්කරු දිනය බවට පත්ව තිබේ. මැයි දිනය යනු කම්කරු පංතියේ දිනය වේ. එය කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත ජනතාවගේ ජාත්‍යන්තර සහෝදරත්වයත් සමගියත් සටන්කාමිත්වයත් ශක්තියත් පෙන්වන දිනයක් බවද ඔවුන්ගේ නිවේදනයේ සඳහන්ය.

‘2016 ලෝක කම්කරු දිනය සමරන මේ මොහොත වන විට ලෝකයේත් ලංකාවේත් ධනපති ක‍්‍රමය පවතින්නේ විසඳිය නොහැකි අර්බුදයකය. 2008 අගදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇරඹි මහා ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ලොව දියුණු රටවලට පවා තවම නොහැකි වී තිබේ. මේ වන විට ග‍්‍රීසිය වැනි රටවල් කරවටක් ණය බරක ගිලී ජනතාවගේ සියලූ අයිතීන් කප්පාදු කරමින් සිටී. යුරෝපයේ බොහෝ රටවල මෙම තත්වය දැකිය හැක. ධනවාදයේ අර්බුදය විසින් වැඩකරන ජනතාව මත පටවා තිබෙන්නේ මහා බරකි. ඔවුන් මත බදු බර පැටවීමත් රැකියා අහිමි කිරීමත් වැටුප් ඇතුළු අයිතීන් කප්පාදු කිරීමත් දිගටම සිදු වේ. ඉන් වැඩකරන ජනයා ඇතුළු පීඩිත ජනතාව විශාල දුෂ්කරතාවන්ට ලක්ව සිටී.

කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත පංතියේත්, සියලූ ප‍්‍රගතිශීලී ජනතා බලවේගවලත් අයිතීන් දිනාගත හැක්කේත් ජනතාව සඳහා වඩා හොඳ හෙටක් නිර්මාණය කළ හැක්කේත් ගොඩ නඟන එවැනි ජනතා බලයක් මගිනි; එම ජනතා බලය ජයග‍්‍රහණය කිරිම මගිනි. එබැවින් ජනතාවට ජීවිතය වෙනුවට මරණය, ලෙඩ රෝග, වසංගත හා බලාපොරොත්තු කඩ වීම පමණක්, දුක හා වේදනාව පමණක් උරුම කරන වත්මන් පාලනයත් වත්මන් සමාජ ක‍්‍රමයත් පරදා නවීන සමාජවාදී සමාජයක් වෙනුවෙන් සටන් වදින ලෙසත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ වටා ඒකරාශී වන ලෙසත් අප මෙරට වැඩකරන ජනතාවගෙන්, තරුණයන්ගෙන්, කාන්තාවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, වෘත්තීයවේදීන්ගෙන්, උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සාහිත්‍ය කලාසූරීන්ගෙන් සියලූ මානව හිතවාදීන්ගෙන්, ප‍්‍රගතිශීලීන්ගෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් මේ මැයි දිනයේදී දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු‘ 



අදහස් (0)

‘වත්මන් පාලනයත් වත්මන් සමාජ ක්‍රමයත් පරදවමු‘

වින්සන්ට් Sunday, 01 May 2016 09:13 AM

කම්කරු ජනතාවටත්, කම්කරු සටනටත් ජයවේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site