IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි

(සුජිත් හේවාජුලි)

වැඩබලන පොලිස්පතිවරයා ලෙස  උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා  අද (27)  පත් කර තිබේ.

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙකි.

ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති බවටද වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන්  මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම  අධිකරණයෙන් නතර කිරීමෙන් පසු එම ධූරය තවමත් පුරප්පාඩුවී පවතින්නේය.



අදහස් (8)

වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි

අරවින්ද මොනරවිල Friday, 27 September 2024 01:56 PM

කවදාවත්ම පොලිස්පති තනතුර ලැබෙයි කියලා හිතුවේ නැති ඇති, දේශපාලකයන් පස්සේ නොගිහින් .....

:       1       49

Ruwan R Friday, 27 September 2024 02:05 PM

පැමිණ ඇති ගමන් මගට අනුව ඔබ සැබෑ දක්ෂයකු විය යුතුය. සුබ පැතුම්..

:       1       56

Mudalige Friday, 27 September 2024 02:18 PM

ඔහු නීතියට ගරු කරන සහ රටේ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන අයෙකි

:       1       45

සෙනෙවිරත්න Friday, 27 September 2024 02:50 PM

මීළඟ නඩු වාරයෙන්ම ඔබගේ තනතුර ස්ථීර වේවා!

:       2       36

සෙනෙවිරත්න Friday, 27 September 2024 02:54 PM

රාලහාමි කෙනෙක් පොලිස්පති වුණා හරියට තඹුත්තේගම ගොවි පවුලක කොල්ලෙක් ජනාධිපති වුණා. මේවා දිරවන්නේ නැති වැඩවසම් යුගයේ අය මීලඟ ඡන්දෙන් ගෙවල් වලට සීමා කරමු.

:       1       51

Nihal Friday, 27 September 2024 05:07 PM

කොස්තාපල් වරයෙකුට උපරිම යන්න පුළුවන් සහකාර පොලිස් අධිකාරී දක්වා පමණයි කියන්නේ බොරුවක්...!

:       2       17

ජයනාත් Friday, 27 September 2024 08:33 PM

වර්තමාන දේශපාලන පෙරළිය නොවෙන්න ඔබට මෙය සිහිනයක්... ඔබට සුබ පැතුම්..! රාජකාරි අකුරටම කරන්න...

:       1       13

දේසප්‍රේමියා Saturday, 28 September 2024 03:51 PM

රාජකාරිය දේවකාරිය සළකා සේවය කිරීමට සියලු ශක්තිය, දහිරිය නිරතුරුවම ලැබේවා..!.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site