වේගය මුල් කරගත් තරග ලෝකයේ පවත්වන ක්‍රිඩා අතරින් විවිධ රටවල පවත්වන පළමු පෙළේ ෆෝර්මියුලා අංක 01 ලෙස හැදින්වෙන ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන තරගය පෙරමුණේ සිටී.
සෑම වසරකම ලෝකයේ රටවල් 20 ක පමණ අධික මුදලක් වැය කරමින් පවත්වන මෙම තරගය ලෝක ක්‍රීඩා ලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි.
එම තරග ඉතිහාසයේ ප්‍රංශ ජාතික ඇලන් ෆොර්ස්ට්, ඔස්ටි්රයා ජාතික නිකී ලවුඩා, බි්රතාන්යය ජාතික ජැකී ස්ටුවර්ට් , නයිජෙල් මන්ෂෙල් , බ්‍රසීල් ජාතික නෙල්සන් පිකේට් , බ්‍රසීල ජාතික මියගිය ඇර්ටන් සේනා, ජර්මන් ජාතික මයිකල් ෂූර්මාර්ෂර් ලෝක ශූරයෝය. ක්‍රිඩා ඉතිහාසයේ සිහිවටන තැබූ මෝටර් රථ ධාවන ශූරයෝය.
ඒ අතරින් ජර්මන් ජාතික මයිකල් ෂූර්මාර්ෂර් හත් වතාවක් ලෝක ශූරතාවය හිමිකර ගත් එකම සුවිශේෂි ක්‍රීඩකයාය. මේ වන විට එම තරග වලින් විශ්‍රාම ගෙන සිටින ඔහු පසුගිය දෙසැම්බර් 29 වැනිදා ප්‍රංශයේ ඊසාන හා ගිණිකොන අතර පිහිටි මෙරිබෙල් නම් වෙලාගත් යුරෝපයේ සුන්දර ඇල්ප්ස් කඳු පෙළට අයත් මීටර් 2739 උස ඩොන්ට් ඩූ බුර්ජින් හිම කඳු ගැටේ පාමුල වයස අවුරුදු 14ක් වයැසැති තම එකම පුතා වන මයික් සමග හිම ක්‍රීඩාවේ යෙදී සිටියේය.එහිදි අනතුරකින් ඔහුගේ හිසේ සිදුවූ දරුණු තුවාල හේතු කොට ජීවිතයත් මරණයත් වෙන් කරන සීමාවේ නිසලව දැන් රෝහලේ ජීවන සටනක යෙදෙමින් සිටින්නේය.
ස්විට්සර්ලන්ත දේශසීමාවට නැගෙනහිර දිශාවෙන් ප්‍රංශයේ පිහිටි ග්රොනෝබ්ල නගරයේ විශ්ව විද්‍යාලීය පර්යේෂණ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අති නවීන වෛද්‍ය උපකරණ ආධාරයෙන් ජීවත් වන ඔහුට ප්‍රංශ ජාතික මහාචාර්ය හා වෛද්‍ය ජේරාඞ් සැයිලන්ට්ගේ උපදෙස් මත ජෝන් ප්රංශුවා පායෙන්, ස්ටෙෆන් චාබාර්ඬේ යන ප්‍රංශයේ සුප්‍රසිද්ධ දක්ෂ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෝ දෙදෙනා සමග ජර්මන් හා ස්විස් ජාතික විශේෂ වෛද්‍යවරු කණ්ඩායමක් පැය විසිහතර තුල සෑම තත්පරයකම අවධානය යොමා ඔහුව ජීවත් කරවීමට වෛද්‍ය ප්‍රතිකාර කරති.
ඒ අතරතුර රෝහලේ ප්‍රධාන පිවිසුම අසල ඔහුගේ සුවය පතන වැකි ලියු ආශිර්වාද පුවරු රැගත් ඔහුට ආදරය කරන ක්‍රිඩා ලෝලීන්ගෙන් සැමදා පිරී ඉතිරී ඇත්තේය.අද මුළු ක්‍රිඩා ලෝකයම හා ලෝකයේ ධනවත් මොටර් රථ සමාගමක් වන ෆෙරාරි සමාගම ඔහුට සෙත් පතමින් ප්‍රකෝටි ගණනක මුදල් වියදම් කරමින් ජීවිතය රැක ගැනීමට සටන් කරන මයිකල් ෂූර්මාර්ෂර් යන මෙම සුවිශේෂි රියදුරා කවුද?
ප්‍රධාන පෙළේ ලෝක ශූරතා ෆෝර්මියුලා වන් මෝටර් රථ ධාවන 308ක තරගාවලියන්ට සහභාගිවී ජයග්‍රාහී වේදිකා 155ක ජයපැන් බොමින් තරග 91ක් ජයගෙන මේවන විට එම ලෝක ශූරතාවය හත් වතාවක් ජයගත් එකම ක්‍රිඩක නියමුවා මයිකල් ෂූර්මාර්ෂර් නම් අවුරුදු 45 වයැසැති දෙදරු පියායි.
ලෝක ක්‍රිඩා ක්ෂේත්රයේ ඔහු ගැන විශේෂයේන් කථා කිරීම පුදුමයක් නොවේ. 1991දි ප්‍රථම වරට මෙම ශුරතාවට එක්වන ඔහු එම වසරේ බෙල්ජියමේ තරගයට සහභාගි වේ. 2012 බ්‍රසීලයේ පැවැති තරගයෙන් පසු විශ්‍රාම ගන්නා ඔහු ; ඒ අතර තුර 1992දි ප්‍රථම ජය බෙල්ජියමේදි ලබාගනී.
2006දි චීනයේ ශුරතාවය ඔහුගේ අවසාන ජයග්‍රහණයයි. ජෝර්ඩාන් බෙනෙටොන් , ෆෙරාරි , බෙන්ස් ආදි මොටර් රථ ඔහුට ජය ලබා දුන් රථ අතරට එක්වේ. එහිදි හදුනාගත් බි්රතාන්ය ජාතික රෝස් බ්‍රවුන් , රෝයි බ්‍රෙන් හා ප්‍රංශ ජාතික ජෝන් ටොඞ් යන යාන්ත්‍රික ඉංජිනේරුවන් සමග හා එක්වී ෆෙරාරි සමාගමට එකතුවී ඔහු ලබා ගත් ජයග්‍රහණ හත ෆෙරාරි මොටර් රථ සමාගමට ලබා දුන්නේය.
ඔහු එම කණ්ඩායමේ උපදේශකයෙකි. එම සමාගමෙන් අති විශාල මුදලක් වැටුප් ලබන අති දක්ෂ රියදුරෙකි. ඉහත තරග ජයග්‍රහණ සමග ජීවිත රක්ෂණය සදහා විශාල මුදලක් වෙන්කර ඇති ක්‍රීඩකයෙකු වන අතර 2004 වර්ෂයේ ක්‍රිඩා වලින් මුදල් උපයන ලෝකයේ දෙවෙනියාද ලෝකයේ ජනප්‍රිය අය අතර 17 වැනියාද ලෙස ලෝක ප්‍රසිද්ධ පොබස් ශ්‍රේණිගත ලැයිස්තුවට අනුව ධනවත් ක්‍රීඩකයෙකි.
ඔහුට පමණක් පොළව යට පෙට්‍රල් ෂෙඞ් එකක් ඉදිකර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මධ්‍යයේ පිහිටි රමණීය විලට මුහුනලා ඉදිකළ සුවපහසු මන්දිරයක සිය පවුල හා සුරතල් බලූ පැටවුන් දෙදෙනා සමග ජීවත්වෙන බල්ලන්ට අසීමිත ලෙස ආදරය කරන කරුණාවන්ත මිනිසෙකි.
ඔහුගේ එක් සුරතල් බලූ පැටවා බ්රසිලයේ අවසන් තරගයෙන් පසු ලැබුණු සුරතල් සුන්දර තෑග්ගකි .
විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ වත්කම් වලින් පමනක් ක්‍රියාත්මක සමාජ සත්කාරක පුණ්‍යායතනය මගින් පේරු රටේ ලීමා අගනුවර මහ මග හැසිරෙන දරුවන් උදෙසා අධ්‍යාපනය හා ඇදුම් සපයමින් මව්පියන් විසින් අතහැ දැමුණු ඔවුන් යහමගට ගැනීමට විශාල මෙහෙයක් සිදුකරමින් සිටී.
ඊට අමතරව සෙනෙගල්හී දුෂ්කර දනව්හි පාසල් ඉදිකිරීම, යුද්ධයෙන් තුවාල ලැබූ
සර්ජෙයාවෝ නුවර දරුවන්ට වෛද්‍ය පහසුකම් ලබාදීම, ඔහුගේ සෙසු පිංකම් අතර වෙයි.සිය ආරක්ෂක නිලධාරියා ඔහුගේ පුතුන් දෙදෙනා සමග නිවාඩුවක් ගත කිරීමට ඉන්දියවේ සංචාරය කළඅවස්ථාවේ සුනාමියට හසුවී මිය ගියේය.
එයින් ශෝඛයට පත් මයිකල් ෂූර්මාර්ෂර් ඔවුන් සිහිවීම ප්‍රධාන කොට 2004 දි සුනාමියෙන් අවතැන් ඉන්දියාවේ දුප්පතුනට නිවාස තනා දුන්නේය.
පැයට කිලෝමීටර් 280 ත් 300 ත් අතර වේගයෙන් රිය ධාවනය කල වේගයේ ශුරයා පැයට කිලෝමීටර් 60 ක වත් වේගයක් නොමැති හිම ධාවන පථයක සිදුවූ අනතුරකින් අද ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටීන්නේය. මේවන විට ඔහුගේ බිරිද හා පුතාට පමණක් ඔහු බැලීමට රෝහල් බලධාරීන් අවසරදී ඇත.
අනතුරෙන් පසු සිදුකළ වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට ඉතා සෙමින් පැමිනෙන බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරි ජේරාඞ් සැයිලන්ට් මහතා පසුගිය දිනක මාධ්‍ය අමතා දැන්වීය.
අද ලෝක ශූරයාගේ පණ කෙන්ද වෛද්‍ය හාස්කම් මත රැඳී ඇත.
ඔහු තවමත් තද නින්දේය
ඔහුගේ අනතුර ගැන ශෝඛ වන බවත් ඉක්මන් සුවය පතන බවත් ජර්මන් චාන්සලවරිය වූ ඇන්ජෙලා මර්කෙල් ජර්මන් පාර්ලිමේන්තුවේදි පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වේගයේ ඉරණමට මුහුණ දුන් වේගයේ ලෝක ශූරයා
සිල්වා Tuesday, 25 February 2014 01:37 PM
අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේතුමාටට සුවය පතා යම්කිසිදෙයක් කළ යුතුය මොකද සුනාමි ව්‍යසනයේදී මෙතුමා තනිපුත්ගලයෙක් දුන් වැඩිම මුදල ලංකාවට දෙන දුන්නා (දිල්)
ගයාන් Tuesday, 25 February 2014 01:55 PM
සුනාමි ව්‍යසනයේදී මෙතුමා තනිපුත්ගලයෙක් දුන් වැඩිම මුදල ලංකාවට දුන්නා. එය මේ ලිපියේ සදහන් නොවිම ලොකු අඩුපාඩුවක්.(දී)
පිටිගල Tuesday, 25 February 2014 02:28 PM
හොඳ මිනිසුන්ට වර්තමානයේ අපලයි. ඔහුට ඉක්මන් සුවය පතමි.(දිල්)