ලොව වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මැගී මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
මැගී නමැති බැල්ල මිය යන විට වයස අවුරුදු 30ක් විය. වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවියකු වන බ්‍රයන් මැක්ලරන් මැගීගේ හිමිකරුවා වූ අතර මැගී සිය කූඩුව තුළ මියගොස් සිටි බව ඔහු පවසයි.
පසුගිය සතියේ ද මැගී සිය කිරි පට්ටියේ සිට කාර්යාලයට ගිය බවත් ඇය හොඳින් සිටි බවත් බිරීම දඩයම් කිරීම ඇතුළු අනෙක් ක්‍රියාකාරකම් ද හොඳින් කළ බවත් බ්‍රයන් කියයි.
මැගීගේ නිවැරදි වයස ස්ථිරවම තහවුරු කරගැනීමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වනුයේ ඇගේ හිමිකරු පවසා ඇති පරිදි මැගී කුඩා අවදියේදී ඇගේ ලියකියවිලි නැතිවීමයි.
බ්‍රයන් කියනුයේ මැගී සිය නිවසට රැගෙන එද්දී ඔහුගේ බාලම පුතු වන ලයම්ට වයස අවුරුදු 4ක් වූ බවයි. ඔහු දැන් 34 වැනි වියේ පසුවෙයි.
ලොව වයස්ගතම සුනඛයා ලෙස නිල ලෝක වාර්තාවට හිමිකම් කියනුයේද ඕස්ට්‍රේලියාවේ සුනඛයකු වන බ්ලුයි ය. 1939 දී මිය ගිය එම සුනඛයාගේ මිය යන විට වයස අවුරුදු 29කි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොව වයස්ගතම සුනඛයා අවසන් ගමන් යයි
පිටබැද්දර ජයා Wednesday, 20 April 2016 12:12 PM
මිනිසාගේ පැරණිම මිතුරා ! (බ)
අනුර Wednesday, 27 April 2016 10:59 AM
බල්ලාගේ පැරණිම මිතුරා ළඟ ඉන්නේ (ම)
ටිකිරි Wednesday, 20 April 2016 02:32 PM
අපේ ගමෙත් උන්න මැගී කියල කෙනෙක් එයා ජීවත් වුණේ අවුරුදු 60 හැබැයි එයා නම් බැල්ලියක් නෙමේ මනුස්සයෙක් (බ)