IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලොවපුරා ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා ගොස් ඇත. අද (28) පස්වරු 7.10 වනවිට නිකුත්ව තිබූ දත්තවලට අනුව ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,85,079ක් ලෙස දැක්විණි.

කොරෝනා වයිරසයෙන් හේතුවෙන් ලොවපුරා 2,12,533 දෙනකු මියගොස් ඇති අතර සුවය ලැබූ ගණන 9,34,805ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා ආසාදිතයෙන් මේ වනවිට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ඊයේ පස්වරු වනවිට එම සංඛ්‍යාව 1,010,563ක් ලෙස වාර්තා විය. වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි.

දෙවැනියට ස්පාඤ්ඤයෙන් ද තෙවැනියට ඉතාලියෙන් ද වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වේ. ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 2,32,128ක් ද මරණ 23,822ක් ද වාර්තා වේ. ඉතාලියෙන් ආසාදිතයන් 1,99,414ක් ද මරණ 26,977ක් ද වාර්තා වේ.


055



අදහස් (0)

ලොවපුරා ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site