
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර අඹු සැමි යුවළක් ද වන බව පොලිසිය කියයි.
අඹුසැමි යුවළ රැගත් ලොරිය කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර කොන්ත්‍රාත් කටයුතු වල යෙදෙන පුද්ගලයන් තිදෙනෙකු රැගත් ලොරිය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වී ඇත.
කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය හා පදික මාරුවද පසුකර යාමත් සමගම ලොරිය මාර්ගයේ කැරකී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අඹු සැමි යුවළ රැගත් ලොරිය හා ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදු වූ වහාම එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අමතා ගිලන් රථ දෙකක් එම ස්ථානයට ගෙන්වා තුවාලකරුවන් පානදුර මූලික රෝල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොරි -ලොරි ගැටී අඹුසැමි යුවළ ඇතුළු පහක් රෝහලේ
Perera Monday, 21 October 2024 10:02 AM
ගෙවුණු ටයර් දාගෙන වැස්සේ දුවනකොට වාහන ලිස්සලා ඔහොම අනතුරු වෙනවා
RMV Banda Monday, 21 October 2024 12:11 PM
නුසුදුසු වාහන වහාම මහා මාර්ගයෙන් ඉවත් කළ යුතුයි. කළුදුම් දාන වාහන වලට දුම් සහතික දුන් අය සිරගත කළ යුතුයි.