
(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන්ට විවිධ කාලවකවානුවලදී නිකුත් කෙරුණු ගිනිඅවිද ලබන මස 30 වැනිදාට පෙර ළඟම ඇති පොලිසිවලට බාර දෙන ලෙස ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත.
ඒ අයගේ ජීවිත ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද හමුදාවෙන් නිකුත් කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතොරම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව අමාත්‍යාංශයට තොරතුරු අනාවරණය වී ඇත. අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත්තේ ඉන් අනතුරුවය.
පසුගිය කාලයේදී ගිනි අවි නිකුත් කෙරුණු පුද්ගලයන්ගේ ලයිස්තුව දැනටමත් ලබාගෙන ඇතැයි වාර්තාවේ.
එම වාර්තා පරීක්ෂා කරමින් ගිනි අවි භාර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
don Wednesday, 13 November 2024 03:49 AM
බලය අහිමි වෙද්දී කළ හොරකම්, වංචා, දූෂණ, අල්ලස් අහුවෙයි කියලා ගොඩක් අය සියදිවි හානිකර ගන්නත් පුළුවන්. ඒ නිසා හැකි ඉක්මණින් මේවා එකතු කරන එක හොඳයි...