IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

දැනටමත් එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට, අවධානයෙන් සිටින ලෙසත් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩිව ඉල්ලා සිටියේය.

පිටත ගමන් හැකිතාක් සීමා කරන ලෙසත් බේරුට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සිරියාවේ ඩමස්කස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය සමග නිරන්තරයෙන් සබඳතාව පවත්වා ගන්නා ලෙසත් එම රටවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

[email protected] සහ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපින ඔස්සේ හෝ මෙම දුරකතන අංක ඔස්සේ 0094 771102510 සනත් බාලසූරිය මහතා, 0094 718381581 ප්‍රියංගි දිසානායක මෙනවිය, 00961 81485809 ෆාවාද් හවා මහතා, 00963 944499666, 00963 933858803 ඩමස්කස්හි ශ්‍රී ලංකා කොන්සල්වරයා වන ආචාර්ය අල් ඩෘබි මහතා අමතා තානාපති කාර්යාල හෝ කොන්සියුලර් කාර්යාල සමග සම්බන්ධ වන ලෙස එම රටවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

 



අදහස් (1)

ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්

de silva Tuesday, 01 October 2024 12:54 AM

හරිනම් මේ අවස්ථාවේ රජය විසින් කළ යුත්තේ යුධ කලාපවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉවත් වී යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම. බෝම්බ දමනකොට ගෙදර හිටිය කියල පන බේරගන්න බැහැ. උඩින් වැටෙන්නේ තට්ටු 3-4 පොලව යට තිබෙන බංකර් පුපුරා යන්න දමන බෝම්බ , ඒවා දමන කොට පාරේ දිගාවෙලා ඉන්න එක ගෙදර ඉන්නවට වඩා අරක්ෂා සහිතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site